සොයන්න බලන්න

සැවුලා වන්නම

තම් තම්දන තනම්, දන තම්දන තනම් තම් තම්දන තානත් තෙයි තම්ද,
නා තම්ද නා නා.

සුරිඳුන් පෙර සිටන්. බලයුත් සැට නිඳුන් සහ ගොස් කල යුදෙන්. අසු
රන් ජය නොලදිත්

බර අත් ගෙණ කගින්. ඇන කොන්තචි වලින් අසුරන් කළ යුදෙන්. ජය
ගෙන කඳ කුමරුන්

ගස මි න් කග පතින්. දෙපලුව අසුර සෙන් දරුපා අතලුවෙන්. පලු
දෙක ගෙන සැනෙකින්

එම වන් පලුවකින්, එ උපන් සැනයකින් සැවුලා නම් එයින්. ලොව
පළ කළ උපතින්

හනුමා වන්නම

තනම් දනත් තම් දනත් තනම් දන, තනම් දනත් තනෙනා - තෙයි 
තනම් දනත් තම් දනත් තනම් දෙන තනම් දනෙත් තනෙනා

ගි රි න් ගිරට පැන ලැගුම් සොයා පුබුදිමින් අරුන කලමා - ගොර
දෙමින් නැවත වට පිටින් බලති නෙක උහුළු විහිළු පුදු මා

එ යි න් නැවත පල තුරින් තුරට පැන මලින් පලද දලුමා - අත
දෙමින් රැගෙන කට කොනින් බුදිති වට පිටින් බියැති බැලු මා

දු ටි න් අයෙක් සට පටින් පැනුම් රැලි පොටින්නෙරා ගෙව්මා - බය
දුටින් එවිට අතුපතින් වසා මුව ඉතින් නැතෙයි පෙනු මා

ම තින් උඩගු සිත ගතින් වැඩිව පෙර පැතුම් විලස දැරුමා - නැත
යෙතින් මෙලෙස ඉසි මතින් යෙදුන පෙර මෙවන් වරුන ගනු මා

Popular posts