සොයන්න බලන්න
සොකරි ගැමි නාටකය
ගොඩ සරඹ
1. අඩිය - පදය -
දොමි කිත කිත දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා
2. දෑඩිය - පදය
දොමි කිත කිත දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා
3. තුන් අඩිය - පදය
දොමිත දොමිත දොම් දෙමි කිත කිත දොම් කස්තිරම - ගත්තකු ජිත් තම් - ගජිතකු ජිත්තම් තරිකිට ජිත් - තරිකිට දොමිකිට තා
4. සිව් අඩිය - පදය -
දොමිත දොමිත දොම් දොම් කිත කිත දොම් කස්තිරම - ගත්තකු ජිත් තම් - ගජිතකු ජිත්තම් ගජිං ජිංත කුද ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමිකිට තා
5. ඇල සරඹය- පදය -
දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් තාග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා
6. දෑල සරඹය පදය -
දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් // තාග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා
7. අංගහාරය පදය -
දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත්/// තාග්ගජිංතක තරිකිට කුනංදත්// රුනංතක ජිං ජිං තකුතක ජිං ජිං රුනංතක ජිංතක තරිකිට කුනංදත් තා.
8. අර්ධ චක්‍ර සරඹය පදය -
දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් /// තාග්ගජිංතක තරිකිට කුංදත් /// රුංතක ජිං ජිං තකුතක ජිං ජිං රුංතක ජිංතක තරිකිට කුද කුද තාග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා
9. දෑත පෑගීමේ සරඹය පදය -
දොමිත දොමිත දොම් දෙමි කිත කිත දොම් කස්තිරම - තකට තකට තක තරිකිට කුංකුත් /// ගජිං
10. බඹර සරඹය පදය -
දොමිත දොමිත දොම් දෙමි කිත කිත දොම් කස්තිරම- තකට තකට තක තරිකිට කුංදත් තා - තක ජිජිකුද // තකට තකට තක තරිකිට කුංදත් /// තා
11. පැනීමේ සරඹය - පදය -
දොමි කිත කිත දොම් කස්තිරම - තක්කඩ තරිකිට ජිජිකුද ජික්කඩ තරිකිට ජිජිකුද තොංකඩ තරිකිට ජිජිකුද නංකඩ තරිකිට ජිජිකුද තක්කඩ තරිකිට - ජික්කඩ තරිකිට තොං කඩ තරිකිට- නං කඩ තරිකිට තත්කඩ ජික්කඩ තොංකඩ නංකඩ තත් ජිත් තොං නං තා
12. චන්දිකා සරඹය - පදය -
දොමි කිත කිත දොම් කස්තිරම - තත් තත් තත්කඩ තරිකිට ජිත් ජිත් ජික්කඩ තරිකිට තො තො තොංකඩ තරිකිට නං නං නංකඩ තරිකිට තත්කඩ තරිකිට - ජික්කඩ තරිකිට තොංකඩ තරිකිට - නං කඩ තරිකිට තක්කඩ - ජිත්කඩ - තොංකඩ - නංකඩ තත් ජිත් තක ජිත් තත් ජිත් තො නං තා
ස්‌ත්‍රීන්ගේ මන දොළ සපුරන කඩවර යක් කංකාරිය.....
ලක්‌දිව උඩරට ප්රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මය කඩවර යක් කංකාරියයි. උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්රභවය ලබා ඇති මෙකී යක් කංකාරිය රට යකුමෙන් පහතරට ජනතාවටත් කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක් නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය. කඩවර හුදු ගර්භ සංරක්ෂණයට පමණක් සීමා වූ ශාන්ති කර්මයක් නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස් ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක් ලෙඩ රෝග හා සබැඳි යක්‌කාරියකි. එමෙන්ම දරු ප්රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක් සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්‌ත උවදුරුවලින් කාන්තාවන් නිදහස් කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස් පැයක් මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක් කංකාරියක් පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති.
කොහොඹා කංකාරිය
ශ්රී ලංකාවේ දෙවි දේවතාවෝ බුදුදහමටත්, කිතු දහමටත්, හින්දු දහමටත් සෘජුව සම්බන්ධ දෙවිදේවතාවෝ හා ගැමි ජනතාවගේ පාරම්පරික ඇදහිලිවලට අරක් ගත් දෙවි දේවතාවෝ වශයෙන් කොටස් දෙකක් වෙති. මෙම දෙවි දේවතාවුන් අතර සෙත් ශාන්ති ගෙන දෙන දෙවි දේවතා පිරිසක් ද වින කිරීම් හා රෝග උපද්රව කිරීම් කරනු ලබන දෙවි දේවතා පියසක් ද වෙති. ඊට අමතරව මෙම අංශ දෙකම නියෝජයන කරන දෙවිවරු සිටිති. කොහොඹා දෙවියෝ ඊට නිදසුන් වෙති. කොහොඹා කංකාරිය, කොහොඹා කම්කාරිය, කොහොඹා යක්‌කම යන ව්යවහාරයන්ගෙන් හඳුන්වන්නේ කොහොඹා දෙවියන් විෂයෙහි (කොහොඹා යනුවෙන් ද හැඳින්වේ.) පවත්වනු ලබන යාගෝත්සවයකි. මෙය ලංකාවේ මධ්යම කඳුකර ප්රදේශවලට ආවේනික වූ ශාන්ති කර්මයකි.
උඩරට වෙස් නැටුම බවට පත්වූ යක්ෂ නැටුම...
නර්තන ඉතිහාසය සම්බන්ධයෙන් අපට මෙහිදී ඇසිය හැකි ප්රශ්න දෙකක් ඇත. වර්තමානයේ “උඩරට නැටුම්” ලෙස හඳුන්වන නැටුම් යටත්විජිත සමයේදී “යක්ෂ නැටුම්” ලෙස හැඳින්වූයේ ඇයි ද යන්න ඉන් පළමුවැන්නයි. දෙවැනි ප්රශ්නය වන්නේ එසේ යක්ෂ නැටුම් ලෙස යටත්විජිත සමයේදී හැඳින්වූ නැටුම් පසු-යටත්විජිත අවධියේදී උඩරට වෙස් නැටුම ලෙසින් ගෞරවාර්ථයට පත් වන්නේ කෙසේද යන්නයි.
උඩරට නැටුම්
උඩරට නැටුම් යනු ලක්දිව මධ්යම කදුකර ප්රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්රදායකි. සිංහල නැටුම් සම්ප්රදායන් අතරින් එක් ප්රධාන සම්ප්රදායකි. මේ වන විට මෙය ශ්රී ලංකාවේ සෑම ප්රදේශයකම සිංහල ජනතාව අතරත් පුළුල් ව පැතිරී ඇත. 19වන සියවසේ අග දක්වාම පිරිමින්ට පමණක් සීමාවූ නැටුමකි. වර්තමානයේ කාන්තා උඩරට නැටුම් ද පුළුල් ව පැතිරී ඇත.
උඩරට වෙස් ඇදුම් කට්ටලය....
උඩරට ප්රධාන නළු ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මලය රජුගේ ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන මෙම ඇදුම් කට්ටලය පඩුවස්දෙව් රජුට වැළදුනු දිවි දෝෂය සුවපත් කිරීම සදහා සිදුකරන ලද හැටපස් මංගල්ලයේ දී මලය රජු, ශාන්තිකර්මය සිදු කිරිමේදී තමාගේ හැටහතර ආභරණය පැළදගෙන ශාන්තිකරමය සිදුකළ බව ජනප්රවාදයන් හි සදහන්වේ. රිදියෙන් වැඩ දැමු අලංකාරවත් වූ කැටයම් මගින් අලංකාර වූ වෙස් ඇදුම් කට්ටලය සුර්ය දිව්ය රාජයාගේ ඇදුම් කට්ටලය ලෙසද විශ්වාස කරනු ලබයි. එහෙත් ප්රසිද්ධ හා පිළිගත හැකි මතයක් වන්නේ මලය රජුගේ ඇදුම් කට්ටලය බවයි.


හිස වෙස් බැඳීමේ චාරිත්‍ර....
(වෙස් බඳින නැකතට සතියකට පෙර සියලු මස් මාංශ අනුභවයෙන් වැළකීම හා පන්සිල් පද කැඩෙන්නට නොදී ආරක්ෂා කිරීම)
මඟුල් බෙර
1 වන වට්ටම
ගැට බෙරයේ උපත ගැන...
කොහොඹ දේවදාර ගන්සූරිය කඳ ගත්තැයි පළමුව මේ ලෙසිනා
පා සරඹ...

දේශිය නර්තන සම්ප්රදායන් අතර උඩරට නර්තන සම්ප්රදාය හදාරනු ලබන ආධුනිකයකු පළමුව ප්රගුණ කරනුයේ පා සරඹයි. මෙය දණ්ඩිකඳ ආධාරයෙන් අභ්යාස කරනු ලබයි. එබැවින් මෙම සරඔ දණ්ඩියමේ සරඹ ලෙස ද ඇතමුන් හදුන්වනු ලබයි.( ආධුනිකයා ගුරු උපදෙස් මත දණ්ඩිකඳ දෑතින් අල්ලා ගෙන කකුල් දෙපසට විහිදුවා පහත් වී කොන්ද කෙලින් තබාගෙන පා සරඔ සිදු කෙරේ. ) මේ තුළින් අපේක්ෂා කරනුයේ අදාළ නර්තන සම්ප්රදායට අවශ්ය මූලික අංහාරය වන මණ්ඩිය සකස් කර ගැනීම බව විද්වත් මතයයි. නමුත් මීට අමතරව ලය ( තාලය ) පිළිබදව දැනුම වර්ධනය කිරීම ( විලම්බ, මධ්යම, ද්රෘත ආදී ලෙස ) , ශරීර නම්යතාවය ඇති කිරීම , දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම, නර්තන අංග වලට අවශ්ය කුසලතා සංවර්ධනය ද මින් අපේක්ෂා කරයි. ව්යායාමයක් ලෙස ද එදිනෙදා භාවිතා කළ හැක. තාලම්පට වාද්ය භාණ්ඩය ලෙස මෙහි දී යොදා ගන්නා අතර සමහර අවස්ථා වල දී මේ සඳහා ගැට බෙරය ද යොදා ගනී. ක්රමක් ක්රමයෙන් අඩුවෙන් පටන් ගෙන වැඩි වී ගලා යාම පා සරඔ වල ඇති විශේෂත්වයකි. පා සරඔ ගණනින් 12 කී. සෑම සරඔයක්ම එක් එක් නාම වලින් හදුන්වනු ලබන අතර සරඔයක් නැටීමෙන් අනතුරුව හමාර පදය නටනු ලැබේ.
Popular posts
-
උඩරට සම්ප් රදායට අයත් ප් රධාන ගැමි නාටකයක් වන සොකරි ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටක...
-
උඩරට ප් ර ධාන නළු ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මලය රජුගේ ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන මෙම ඇදුම් කට්ටලය පඩුවස්දෙව් රජ...
-
උඩරට නැටුම් යනු ලක්දිව මධ් යම කදුකර ප් රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප් රදායකි. සිංහල නැටුම් සම්ප් රදායන් අතරින් එක් ප් රධාන සම්ප් ර...