♦️මෙම වෙස් මුහුණු කලාව සඳහා විශේෂිත වූ ලී වර්ග යොදා ගනී .ඒවා කල් පවතින ලෙස ද තෝරාගැනීම විශේෂිත වෙයි .අඩු බරකින් යුක්ත කල්පවතින වෙල් කදුරු හෝ රුක්කත්තන මේ සඳහා යොදා ගනී . නාග රාක්ෂ හා ගුරුළු රාක්ෂ මෑත කාලයේත් තොවිල් වලට ද භාවිතා කරයි . මේවා අතීතයේ යුද උපක්‍රම සඳහාද භාවිතා කල බව කළ බව පොතපතෙහි සඳහන් බව විශේෂයෙන් දන්වා දිය යුතුය .
🎭ප්‍රධාන වශයෙන් නාට්‍ය සඳහා ගැන එන්නේ
1.කෝලම් වෙස් මුහුණු
2.ගැට වෙස්මුහුණු
❤️ මෙහිදී ගැට වෙස්මුහුණු කලාව ලෙස හැඳින්වෙන්නේ මිනිස් මුහුණට සමාන වන ප්‍රමාණයෙන් සාදන ලද කුඩා වෙස් මුහුණකි .මෙම වෙස් මුහුණ මගින් තමා ගේ මුහුණ පමණක් වැසෙයි .
උදා; ජසයා, ලෙන්චිනා , නොංච්, අණබෙර වැනි චරිත පෙන්වා දෙන්න පුළුවන් ..
♦️♦️මේ අනුව මෙසේ වෙනත් විවිධ චරිත අවස්ථා පෙන්වා දිය හැක .කෝළම් මුහුණු චරිත, රාජ සභා, රාක්ෂ මුහුණු ලෙස කොටස් තුනකට බෙදිය හැකි වේ.
තත්කාලීන චරිත - නොංචි, ජසයා, ලෙන්චිනා, ආරච්චි, හේවා, පොලිස් වැනි.
රාජ සභා - නළු කීර්ති, මනමේ බිසව වැනි.
රාක්ෂ මුහුණු - නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ, කව රාක්ෂ , මරු රාක්ෂ වැනි.
තවද මෙම කෝලම් නාටක මගින් හාස්‍ය රසය උත්පාදනය වන අතර මිනිසුන්ගේ ආචාර ධර්ම ද සනාථ වේ .ගමේ සියලු දෙනා රැය පහන් වන තුරු පහන් වන තුරු එක්ව නරඹන මෙම නාටකය සිත් සටන් මනදොළ පිනවයි . අද වන විටත් මෙම වෙස් මුහුණු කලාව ශ්‍රී ලාංකීය කෝලම් නාටක රඟමඩලේ දකින්නට පුළුවන් .
ඉහත සඳහන් ආකාරයට වෙස්මුහුණු කලාව ශ්‍රී ලාංකීය පූජා විධි රටාවේ හා නර්තන මෙන්ම නාටක අවස්ථා සඳහාද උපයෝගී කර ගනී .එමෙන් ම විදේශීය රටවල ද මෙම වෙස් මුහුණු කලාව දක්නට පුළුවන් .අපේ දේ රැකගෙන ඉදිරි අනාගතයේදී මෙම උතුම් කලාව රැකේවා යැයි අපි පතමු .
No comments:
Post a Comment