🎎 සොකරි ,කෝලම් ,නාඩගම් , රූකඩ ආදිය දේශීය ගැමි නාටක ගණයට අයත් වේ .
🎎 මෙය අතරෙන් සොකරි නාටකය ,වන්නියටත් ,සතර කෝලේ ඇතැම් ප්‍රදේශ වලටත් සීමාවු ගැමි නාටකයකි.
🎎 ලක්දිව පවතින ඉතාම පැරණි ජන නාටකය මෙය බව ඇතැම් ලක්ෂණ මත පහළ වී ය
🎎 මෙම නාටකයේ සියලු චරිත රඟපාන්නේ පිරිමින් විසින් පමණි
🎎 සොකරි යනු මෙම නාටකයේ ප්‍රධාන චරිතය බැවින්, මෙම නාට්‍ය එම නාමයෙන් ම හඳුන්වනු ලැබේ .
රංග දැක්වීමේ අරමුණ :
🌺 සශ්‍රීකත්වය
🌺 පූජා අර්ථ ය
🌺 සෞභාග්‍යය
🌺 ගමට, රටට සෙත් ශාන්තිය පැතීම
🌺 වසංගත රෝග හා ස්වාභාවික විපත් වලින් ආරක්ෂාව
🌺 විනෝදාස්වාදය සඳහා
ප්‍රචලිත ප්‍රදේශ ;
ලංකාවේ ජන නාටක පළාත් අනුව වර්ගී කිරීමේදී කිරීමේදී කන්ද උඩරටත් බදුල්ල පළාතටත් ඇති වීමට ඇති වීමට පැතිරීමට ගිය සොකරි නාට්‍ය ද රඳා පවතින හා මුල් වකවානුව ප්‍රචලිත වශයෙන්
🎏️ මාතලේ
🎏️ කලුන්දෑව
🎏️ හඟුරන්කෙත
🎏️ බදුල්ල
🎏️ කොණකලගල
🎏️ දඹුල්ල
🎏️ හේවාහැට , තලාතු ඔය , මහවැලි නිම්නය ,කොටුවේ ගොඩ , ලග්ගල ,
🎏️ දැදුරු ඔය නිම්නය ආදී ගම් නියම් ගම් දැක්වීමට පුළුවන්
පුද ලබන දෙවිවරුන් ;
🙏 පත්තිනි දෙවියන් හා කතරගම දෙවියන් උදෙසා පුද පූජා පුද පූජා පැවැත් වේ.වසංගත රෝග වලින් රැකවරණය ලබා ගැනීම ප්‍රධාන අරමුණ වේ.මෙහිදී ආගමක සම්බන්ධතා වල මූලිකත්වය දෙමින් යතුකර්ම වශයෙන් ගැමි ජනයා අතර පවතින සහයෝගය පෙන්වා දීමක් වශයෙන් දැක්විය හැක .
සොකරි කථාවේ චරිත ;
🎭 ගුරුහාමි (ආඬිගුරු, ගුරැස්වාමි, සිවනාථගුරු ස්වාමි, ගුරුවා )
🎭 සොකරිය - පරට්ටී
🎭 පරයා (පච්චමීරා, රාමා )
🎭 වෙදරාළ (වෙදා, වෙදමහත්තයා )
🎭 සොත්තානා (සොක්කා, සිට්ටා)
🎭 හෙට්ටියා (සෙට්ටිලේ,සෙට්ටියෝ )
🎭 වඩුරාළ
🎭 කපුරාළ
🎭 නයිනටවන්නා
🎭 කාලිඅම්මා
🎭 පරයා, වෙදරාළ, සොත්තානා යන චරිත පමණක් එරමුදු, කොට්ට, වෙලන් ලී වලින් , කොලපතකින් සකස් කරගත් වෙස් මුහුණු පලදි.
වාද්‍ය භාණ්ඩ ;
🔅 හොරණෑ
🔅 තාලම්පොට
🔅 උඩැක්කි
🔅 ගැටබෙරය
🔅 දවුල
රංග භුමිය ;
🔺 රඟ මඬල වශයෙන් යොදා ගන්නේ කමත ,විශාල ගෙමිදුලක්, පිට්ටනියක්, තැනිතලා බිමක් රඟමඬල මැද මුහුණින් අතට හරවා වංගෙඩියක් තබා ඒ මත ලන්තෑරුමක් දල්වා තිබීමෙන් රැය පහන් වන තොර ම මුල රඟ මඬල ම ආලෝකමත් කරයි. රඟ මඬල වටේට ලණු ඇද තිබේ .අතකින් බුදුන්ට දෙවියන්ට මල් පැලක් පුද ලබයි .රඟමඬල ගොක් කොළ වලින් සරසයි .තව ද අඹ අතු වැනි දේ සැරසීමට යොදා ගන්නී.
සොකරි කතා පුවත ;
සොකරි කථාව හෙවත් ගුරු හටනයේ උපත් කථා වල ප්‍රදේශීය වශයෙන් සුළු වෙනස්කම් ඇතත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ " සිංහල ගැමි නාටකය" නම් වූ ග්‍රන්ථයේ සඳහන් අන්දමට එහි කථාපුවත මෙසේය. කාසි රටෙහි ගුරුහාමි නමින් යුත් ආඬි ගුරෙක් වාසය කරයි. සොකරිය නම් වූ රෑමත් යුවතියක සරණ පාවා ගන්නා ඔහු පරයා නැමැත්තෙකු මෙහෙකාරකමට ගනී. ඡීවනෝපායක් සොයමින් රටින් රට ඇවිදින්නා වූ ඔවුන් හට කෙළවරදී සිංහල දේශයට යන්නට සිත් වේ. ඔවුහු සුභ නැකතින් පිටත්ව මුහුදු හතක් තරණය කොට ලක්දිවට පැමිණෙති. පළමුවෙන්ම ශ්‍රී පාදස්ථානයට ගොස් වැඳ පුදා ගන්නා වූ ඔවුහු අනතුරුව තඹරාවිට නම් ගමට පැමිණ එහි පැලක් සාදාගෙන පොළව ගොමගා පවිත්‍ර කරගෙන එහි වාසය කරන්නට සැරසෙති. ගුරුහාමි හාල් සොයන්නට නික්මයති. බස නොතේරෙන බැවින් නොයෙක් අතෝරයන්ට මුහුණපාන ඔහු කෙසේ හෝ හාල් ටිකක් ගෙනවිත් බත් පිසින්නට කියා සොකරියට දෙයි. එහෙත් වතුර නැති බැවින් නැවත වරක් ගමට යන්නට සිදුවෙයි. ඒ ගමන යන විට ගමේ වෙදරාළගේ බල්ලා ඔහුගේ කකුළ සපාකයි. අමාරුවෙන් ඔහු ගෙදරට සේන්දු වී පොළොවෙහි වැතිර සිටින විට ඔහු මියගොස් ඇතැයි සිතා පරයා අවස්ථාවෙන් ප්‍රයෝඡන ගෙන සොකරිය අනාචාරයට පොළඹවන්නට මාන බලයි. පරයා කෙරෙහි උරණ වූ සොකරිය වෙදරාළ කැටුව එන්නට යයි, ඔහුට අණ කරයි. පරයා ගොස් වෙදරාළට තතු පවසන නමුත් සොකරිය පැමිණෙතොත් මිස තමා (වෙදරාළ) නොඑන බව ඔහු දන්වා එවයි. එකල සොකරිය තමාම ගොස් වෙදරාළ කැඳවාගෙන එයි. වෙඳරාළ මැදියමතෙක් ගුරුහාමිට බෙහෙත් දී පිළියම් කොට අළුයම් වේලේ සොකරිය සමඟ පලා යයි. සොවින් පෙළන ගුරුහාමි කතරගම දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. කෙළවර දී කතරගම දෙවියෝ ඔහුට සළකුණක් කියා පායි. මේ සළකුණේ අනුසාරයෙන් සොකරිය සොයා යන්නා වූ ගුරුහාමිට ඇය වෙදගෙදරදී හමු වේ.ගුරුහාමි ඇය කැඳවාගෙන ගොස් ඇයට තලයි. එහෙත් ඇය තමා නිදොස් යැයි ගුරුහාමිගෙන් සමාව යදියි.
ගායනා ;
🌋 වෙද රාළ
🎭වෙදා නටන්නේ පලමුව සබේට එන්නේ .....
🌋 සොකරි
🎭සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී ...
🌋 පරයා
🎭ඉතින් කියන්නේ තුනිවැනි වරට නටන්නේ ....
🌋 සොත්තානා
🎭සොක්කා එන්නේ දෙවනුව නැටුම් නටන්නේ ...
මැදුම් තනි තිතට (මාත්‍රා 3 තාලයට )අයත් බෙර පද භාවිතා වේ .ඒ අනුව සරල බෙර පද ඇසුරෙන් ගොඩ නැගී ඇත
No comments:
Post a Comment