සොයන්න බලන්න

ගැට බෙරයේ උපත ගැන...

කොහොඹ දේවදාර ගන්සූරිය කඳ ගත්තැයි පළමුව මේ ලෙසිනා

ඇතුළ පිටත මැද වාසය කරමින් ඉරහද දෙවියෝ මේ ලෙසිනා
මඟ යන බගවත සැනෙකින් ඇවිදින් තට්ටුව ගෙන සැදු මේ ලෙසිනා
සිරස මුදුන පටලා තිබු ලොහොමය ඉල්ලමක බැඳ සැදු රුවිනා
සම දිග පළල ද ගත්තැයි සුභ ලෙස දෙවියන් ඉසිවර බස ලෙසිනේ
නෙර්තය කරනා දැන් කිසි ඇදුරා නැගෙනහිරින් සිට බලා ගෙනේ
දහසය ගුලදිත් කඩුවෙන් කපලා කඳ කුමරුන්ගේ සිරි අතිනේ
මහා පද්මයගේ කඳයෙන් සම් ගෙන උර වර පට සදලා රුවිනේ
මෙහෙසුරා යන මහා දෙවිදුගෙ දෙකන් වරපටට ගත්තුව
තින්න මහා පද්මයා කඳ සම්ගසා තට්ටුව සාදා ගත්තුව
දේවදාරත් කොසඹ ගන්සූරිය ද ලී කඳ සදා ගත්තුව
නෙර්ත කළ ඉසිවරන් හස්නෙන් දිගින තකුදි කුද වහා ගත්තුව උඩරටගැට බෙරය

මෙම උඩරට බෙරය එහි හැඩය අනුව ගැට බෙරය (ගැටයක් සහිත බෙරයක්) ලෙස හැඳින්වේ. සියළුම උඩරට චාරිත්ර වාරිත්රවල,නර්තන අංග සඳහා යොදා ගන්නා ප්රධාන බෙරය මෙයයි. බෙරයේ මුහුණු දෙක ‘වම’ සහ ‘දකුණ’ ලෙස විස්තර කෙරේ. දකුණු පැත්ත වඳුරෙකුගේ හෝ තලගොයෙකුගේ සමෙන් ආවරණය වී ඇති අතර වම් පැත්ත ගව සමෙන් ආවරණය වී ඇති අතර එය වඩාත් හොඳ ශබ්දයක් ලබා දීමට යොදා ගනී. සාමාන්යයෙන් බෙර වාදනය වන්නේ එළිමහන් ස්ථානවල බැවින් ශබ්දය තරමක් දුරින් ගමන් කරයි. මෙම බෙරය ඇහැළ,කොස්,කොහොඹ සහ මිල්ල ගස් වල ලී වලින් සාදා ඇත. බෙරයේ විවිධ කොටස් වලට වෙනම නම් ඇති අතර ඉණ වටා ගැටගැසීමෙන් වාදනය වේ.කොහොඹා කංකාරියේ දී ගැට බෙරය ප්රධාන වාද්ය භාණ්ඩය ලෙස වාදනය කෙරේ.එහිදී ගැට බෙරය ප්රධාන ලෙස වාදනය වන වාදන අංග ලෙස මගුල් බෙර වාදනය,අත්යා බෙර වාදනය,යක්තුන් පදය දැක්විය හැකිය.ගැට බෙරයේ බීජාක්ශර ලෙස තත්,ජිත්,තොං,නං යන අක්ෂර දැක්විය හැකිය.
'බීජාක්ෂර හා ගර්භාක්ෂර'
බෙරය නම් අක්ෂර සංයෝජනයෙන් පද උපදවන භාණ්ඩයකි. බෙර වැයීමේදී පිළිගත් ශබ්දාක්ෂර මාලාවක් ඇත. ස්වර වශයෙන් හැඳින්වෙන අක්ෂර සතරකි. ඒවාට උපකාර වන අක්ෂරයෝ සොළසකි. ස්වරාක්ෂරයන්ට "බීජාක්ෂර" යැයි ද, උපකාර අක්ෂරයන්ට "ගර්භාක්ෂර" යැයි ද ව්යවහාර කෙරේ.
බීජ යනු බෝ කිරීමේ බලයක් ඇති වස්තූන්ට නමකි. එමෙන් ම මේ කියන ලද බීජ අක්ෂර සතර තාල පද නිපදවීමේදී ද්වී, ත්රිජ, චතුර්, පංච, ෂඩ්, සප්ත, අෂ්ඨ වශයෙන් යෙදී ශබ්ද මාලා උපදවා ගැනීම සිදු කෙරෙයි. මෙම සතර බීජාක්ෂර,
✳️
✳️ ජිත්
✳️ තොං
✳️ නං
වශයෙන් හැඳින්වේ.
ඇතැම් අය ද්වීජාක්ෂර යනුවෙන්ද හඳුන්වන්නේ ද මෙම අක්ෂර වශයෙන් හඳුවන්නේද මෙම අක්ෂර සතරයි. එයට හේතුව දෙයාකාර බලයක් ඇති බව මෙයින් ප්රකාශිතය. එමෙන්ම මේ අක්ෂර සතර "ආපෝ, තේජෝ, වායෝ, පඨවි" යන සතර මහා භූතයන්ගේ බලය ප්රකාශ කෙරෙතැයි කියනු ලැබේ. මෙම අක්ෂර ගැට බෙරයේ නිපදවනුයේ
මෙසේය.
✳️ ත - බෙරයේ වම් ඇස පුරා පුපුරා
ගැසීමෙනි.
✳️ ජිත් - බෙරයේ දකුණු ඇසින් අත
සුළැගිලි ප්රදේශයෙන් උඩට
බරව ගැසීමෙනි.
✳️ තොං - බෙරයේ වම් ඇසේ ගැටිය
අසලට ඇඟිලි ප්රදේශයෙන්
ගැසීමෙනි.
✳️ නං - බරයේ දකුණු ඇසේ ගැටිය
අසලට ඇඟිලි ප්රදේශයෙන්
ගැසීමෙනි.
බීජාක්ෂර සමඟ යෙදෙන උපකාරාක්ෂර සමූහය ගර්භාක්ෂර නමින් හඳුන්වයි. එනම්,
තං - ට - ග - ද - ඩ - හ - රි - කි - ගි - ටි -ගො
දො - රො - කු - රුං - කුං
බෙර වාදනයේදී බීජාක්ෂර සමඟ ගර්භාක්ෂර සංයෝජනය වී ද්වී මාත්රා - ත්රී මාත්රා - චතුර් මාත්රා - පංච මාත්රා - ෂඩ් මාත්රා - ස්වප්ත මාත්රා - අෂ්ඨ මාත්රා වශයෙන් නිපදවී ඇති පද බෙර වාදනයේදී යොදා ගැනේ....,

No comments:

Post a Comment

Popular posts