සොයන්න බලන්න

උඩරට නර්තන සම්ප්‍රදායේ එන හස්ත මුද්‍රා....

උඩරට නර්තනයට අයත් නෛඅඩි හා වෙස් නර්තනයේ දී අත් ගැනීමේ ක්රම දොළහ "වාදස හස්ත මුද්රා" නමින් හැඳින් වේ. වාදස හස්ත මුද්රා කොටස් 4කි.

1) පතාක මුද්රා :- බුදුන් දෙවියන් පිළිබඳ වර්ණනා වලදී භාවිතා කරයි.
2) මෘග සිරස මුද්රා :- සිව් පා ගණයට අයත් සතුන් පිළිබඳ වර්ණනා වලදී භාවිතා කරයි.
3) සුඛ සුණ්ඩ මුද්රා :- අප්රාණික දේ වර්ණනා වලදී භාවිතා කරයි.
4) හංස පක්ෂි මුද්රා :- පක්ෂීන් පිළිබඳ වර්ණනා වලදී භාවිතා කරයි.

📎 ඉහත මුද්රා සතර මුල් කර ගෙන දොලොස් හස්ත පිහිටා ඇති බැව් පහත කවියෙන් පෙනේ....
චන්ද්ර හස්තේ
චලිත හස්තේ
මුනිත හස්තේ උත්තමා
වස්ති හස්තේ
හස්ති හස්තේ
රෝම හස්තේ නමතමා
චෝර හස්තේ
චෞරි හස්තේ
වරද හස්තේ හැරදමා
අභය හස්තේ
දේව හස්තේ
ශාප හස්තේ සමතමා

(1) චන්ද්ර හස්තය :- පිට අල්ල උඩට හරවා අත් දෙක කවයක් සේ ගැනීම.  
     

(2) චලිත හස්තය :- එක් අතක පිට අල්ල උඩටද අනෙක් අතේ පිට අල්ල යටටද හැරවීම.



(3) මුනිත හස්තය :- අත් දෙක නෙළුම් මලක් සේ ගැනීම.



(4) වස්ති හස්තය :- එක් අතක පිට අල්ල උඩට හරවා අනෙක් අතේ සුලඟිල්ල හා මාපටැඟිල්ල බාගෙට නමා හෙල්ලයක් මෙන් ගැනීම.



(5) හස්ති හස්තය :- එක් අතක පිට අල්ල උඩට හරවා අනිත් අතේ දබරැඟිල්ල නමා හෙණ්ඩුවක් සේ ගැනීම.



(6) රෝම හස්තය :- එක අතක පිට අල්ල උඩටත් අනිත් අතේ මාපටැඟිල්ල හා දබරැඟිල්ල එක්කර දැක්වීම.



(7) චෝර හස්තය :- එක අතක පිට අල්ල උඩට හරවා අනිත් අතේ ඇඟිලි මිට මොලවා ඇල්ලීම.



(8) චෞරි හස්තය :- එක අතක පිට අල්ල උඩට හරවා අනිත් අතින් කෙනෙකුගේ කම්මුලට ගැසීමට අත දිගු කලාක් මෙන් දැක්වීම.



(9) වරද හස්තය :- එක අතක පිට අල්ල උඩට හරවා අනිත් අතේ දබරැඟිල්ල දිගු කර දැක්වීම.


(10) අභය හස්තය :- අත් දෙකෙහිම දෙ අත්ල උඩට හරවා කවාකාරව ගැනීම.


(11) දේව හස්තය :- එක් අතක් ඉහළට ඔසවා දබරැඟිල්ල පමණක් එකට තබා අනිත් අත පහතට දිගු කොට සුලැඟිල්ල බාගෙට නමා පෙරට ගැනීම.


(12) ශාප හස්තය :- එක අතක පිට අල්ල උඩටද, අනෙක යටටද හරවා පොළවට දිගු කිරීම.


🖊️ දොළොස් හස්තය පිළිබඳ තවත් මතයක්,
1. අහස් හස්තය
2. අමෘත හස්තය
3. නාග හස්තය
4. මත්ස්ය හස්තය
5. වරද හස්තය
6. චන්ද්ර හස්තය
7. මෝර හස්තය
8. ලලිත හස්තය
9. මුද්රා හස්තය
10. යාම හස්තය
11. දාන හස්තය
12. හස්ත හස්තය

📍 හස්ත මුද්රා දැක් වූ වැදගත් අවස්ථා කිහිපයක්
එදත් වසවතු
යුදයට මුනිඳුට
වරද හස්තා රැගෙන පෑවේ
සුගත් මුනි රජ
ශාප හස්තෙන්
පොළෝ මිහිකත කැන්දුවේ
කගත් ඔසවා
අඟුල් මල් සොර
චෝර හස්තය රැගෙන පෑවේ
වගත් මේ ලෙස
එදත් සබතුල දොලොස් හස්තය මෙසේ කීවේ
(පැරණි පුස්කොල පොතකිනි)

මූලාශ්ර :-
🔎 නාට්ය ගුරුවරයා, එස්.ගොඩගන්දෙණිය...
🔎 උඩරට නැටුම්, සිසිල් කොතලාවල
🔎 අපේ කලාව, නිමල් ප්රේමතිලක බණ්ඩාරගම

No comments:

Post a Comment

Popular posts