සොයන්න බලන්න

ගොඩ සරඹ (අත් සරඹ)

අරමුණ :- දෑත් දෙපා නිවරදිව හසුරුවා ගැනීමට පුරුදු පුහුණු කර ගැනිම.

* ගැට බෙරයට හා තාලම්පොටට අනුව නර්තනයේ යෙදෙයි
* ගොඩ සරඹ ගනනින් 12 කි, එයට කස්තිරම් 12ක් ද අදාළ වේ..

1 අඩිය -
පදය - දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - තත් ජිත් තොං නං තා

2 දෑඩිය -
පදය - දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා

3 තුන් අඩිය -
පදය - දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම් දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - ගත්තකු ජිත්තම් ගජිතකු ජිත්තම්
තරිකිට ජිත් තරිකිට දොමිකිට තා

4 සිව් අඩිය -
පදය - දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම් දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - ගත්තකු ජිත්තම් ගජිතකු ජිත්තම්
ගජිං ජිංත කුද ගජිතකු ජිත්තම්
තරිකිට ජිත් තරිකිට දොමිකිට තා

5 ඇල සරඹය -
පදය - දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත්
තාග්ගජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා

6 දෑල සරඹය -
පදය - දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් //
තාග්ගජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා

7 අංගහාරය -

තාග්ගජිංතක තරිකිට කුංදත් //
රුංතක ජිංතක තරිකිට කුංදත් තා

8 අර්ධ චක්ර සරඹය -
පදය - දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් ///
තාග්ගජිංතක තරිකිට කුංදත් //
රුංතක ජිං ජිං තකුතක ජිං ජිං
රුංතක ජිංතක තරිකිට කුද කුද
තාග්ගජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා

9 දෑත පෑගීමේ සරඹය -
පදය - දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම් දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - තකට තකට තක තරිකිට කුංදත් /// ගජිං

10 බඹර සරඹය -
පදය - දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම් දොමිත දොමිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - තකට තකට තක තරිකිට කුංදත් තා තක ජිජිකුද //
තකට තකට තක තරිකිට කුංදත් /// තා

11 පැනීමේ සරඹය -
පදය - දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - තත්කඩ තරිකිට ජිජිකුද ජික්කඩ තරිකිට ජිජිකුද
තොංකඩ තරිකිට ජිජිකුද

12 චන්ද්රිකා සරඹය -
පදය - දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම් දොමි කිත කිත දොම්
කස්තිරම - තත් තත් තත්කඩ තරිකිට ජිත් ජිත් ජික්කඩ තරිකිට
තොං තොං තොංකඩ තරිකිට නං නං නංකඩ තරිකිට
තත් තත් කඩ තරිකිට ජිත් ජිත් කඩ තරිකිට
තොං තොං කඩ තරිකිට නං නං කඩ තරිකිට
තත් කඩ තරිකිට ජිත් කඩ තරිකිට
තොං කඩ තරිකිට නං කඩ තරිකිට
තත්කඩ ජිත්කඩ තොංකඩ නංකඩ
තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා

No comments:

Post a Comment

Popular posts