වාක්යාර්ථය වන්නේ......
වැනුම , වර්ණනාව ( යමක ස්වරූපය විස්තර කිරීමක් මින් සිදු වේ.)
උදාහරණ.....
උඩරට නර්තන සම්ප්රධායේ හනුමා වන්නම,
˝ යෙනින් මෙලෙස ඉසි මතින් යෙදුව පෙර මෙවන් වරුණ හනුමා ˝
කටකතා......
භරත නාට්යම් හී වර්ණම් යන නර්තන විශේෂය අනුව යමින් වන්නම් යන පදය යොදා ඇතැයි මතයක් ද පවතී. නමුදු භරත නාට්යම්වල එන වර්ණම් හා දේශීය වන්නම් අතර කිසිදු සහ සම්භන්ධතාවයක් නොමැති බව විචාරාත්මකව බලන අයෙකු පැහැදිලි වේ. වන්නම් යනු උඩරට, පහතරට, සඹරගමු යන නර්තන සම්ප්රදායන් ත්රිත්වයේම ගායනය හා බැඳි නර්තන අංගයකි. වන්නම් වලට වස්තු විෂය වී ඇත්තේ සත්ව,දේව, සිද්ධි, වස්තු වැනි දේ හා බැඳුණු විස්තර කථනයකි. විටෙක අතිශෝක්ති වර්ණනාවකි. මේ සඳහා මාධ්ය ලෙස කාව්ය යොදාගෙන ඇත.
වන්නම් වල දක්නට ලැබෙන පොදු ලක්ෂණ......
ශාන්තිකර්ම නර්තනයෙන් බැහැර වූ නර්තනාංගයකි.
කාව්ය මාධ්ය කොට ගනී.
කවර හෝ තේමාවක් ප්රස්තුතය කරගෙන සිදුකරනු ලබන අතිශෝක්ති වර්ණනාවකි.
ගායනය සමඟ නර්තනය සහ සම්භන්ධ වේ.
තාලානුකූල ලක්ෂණ මත පිහිටා ඇත. ඒ සඳහා විවිධ තාල රූප ඇසුරු කෙරේ.
සෑම වන්නමක් අවසානයේ දිම එහි තාලරූපයට අදාළ විශේෂ පද කොටසක් නටනු ලැබේ.
වන්නමේ තාල රූපය පැහැදිලි වන ලෙස ගායනයට පෙර තානමක් යොදා ඇත.
සම්ප්රධායන් තුනේම මුල් යුගයේ දී ගායනය සඳහා පමණක් වන්නම් යොදාගෙන ඇත.
සාම්ප්රදායික උඩරට වන්නම් 18 කී.
ගාහක වන්නම ( මංගල )
ගජගා වන්නම ( මංගල )
තුරඟා වන්නම ( සිද්ධි )
උරඟා වන්නම ( සත්ව )
මුසලඩි වන්නම ( සත්ව )
උකුසා වන්නම ( සත්ව )
වෛරොඩි වන්නම ( වාද )
හනුමා වන්නම ( උපදේශ )
මයුරා වන්නම ( සත්ව)
සැවුලා වන්නම ( සිද්ධි )
සිංහරාජ වන්නම ( උපදේශ )
නෛයඩි වන්නම ( සිද්ධි )
කිරලා වන්නම ( සත්ව )
ඊරඩි වන්නම ( පුද්ගල )
සුරපති වන්නම ( දේව )
ගණපති වන්නම ( දේව )
උදාර වන්නම ( පුද්ගල )
අසදෘස වන්නම ( ගුණ )
සැයු:- (වරහන් තුල වස්තු විෂය දක්වා අැත.)
උඩරට වන්නම්වල ආකෘතිය වන්නේ,
බෙර පදය
තානම
කවිය
කස්තිරම
සීරුමාරුව
අඩව්ව යි.
️ වන්නම් පටුන....
පළමුව ගාහක දෙවනුව ගජගා තෙවනුව තුරගා පවසන්නේ.....
සිව්වැනි උරගා මුසලඩි උකුසා වෛරොඩි ඊලග එන්නේ.....
අටවැනි හනුමා නවමැනි මයුරා දහවැනි සැවුලා කියමින්නේ.....
එකොළොස සිහරජ දොළසට නෛඅඩි දහතුන කිරල පවසන්නේ......
ඊලග ඊරඩි පසොලොස සුරපති දහසය ගණපති කියමින්නේ.....
දාහත උදාර අවසන අසදෘස දහඅට වන්නම පවසන්නේ........
වන්නම් 18 අරුත..
ගාහක වන්නම - ශක්ර දේවේන්ද්රයාගේ දක්ෂිණාවෘත මංගල සංඛය පිළිබද විස්තරය (හක්ගෙඩිය)
ගජගා වන්නම - දන්ත ධාතූන් වහන්සේ රැගෙන සන්සුන් ගමනින් ගමන් කරන හස්ථියෙකු ගැන සදහන් වන වන්නමකි.
තුරගා වන්නම - සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්රමණය දැක්වෙන වන්නමකි.
නෛඅඩි වන්නම - බෝසතාණන් වහන්සේ නාගයෙකුව උපන් ආත්මයක් ගැන විස්තර කරන වන්නමකි.
සැවුලා වන්නම - කද කුමරු අසුරයන් ජය ගත් අන්දමත්, දෙපළු වූ අසුරයාගේ එක් පළුවකින් සැවුලා උපන් ආකාරයත් විස්තර කරන වන්නමකි.
උරගා වන්නම - නයි පොළොන් වෛරය ගැන දැක්වෙන වන්නමකි.
මුසලඩි වන්නම - හාවෙක් බියෙන් සැකෙන් වනාන්තරයෙන් එළියට පැමිණෙන ආකාරය විස්තර කරයි.
උකුසා වන්නම - උකුස්සෙකුගේ හැසිරීම ගැන පවසන වන්නමකි.
මයුරා වන්නම - කතරගම දෙවියන්ගේ වාහනය වන මොණරා ගැන කියැවෙන වන්නමකි.
කිරලා වන්නම - කිරලාගේ ගමන් විලාසය නිරූපණය කරන වන්නමකි.
සිංහරාජ වන්නම - සිංහයෙක් වටා ගෙතුණු උපදේශාත්මක වන්නමකි.
හනුමා වන්නම - වදුරෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන වන්නමකි.
උදාර වන්නම - සිව්සැට ආභරින් සැරසී, ඇත්, අස්, රිය, පාබල හමුදා පිරිවරාගෙන ගමන් ගන්නා රජෙකුගේ උදාරත්වය දැක්වේ.
ඊරඩි වන්නම - විවිධ දක්ෂතාවලින් පරිපූර්න වූ යුධ භටයෙකු පිළිබදව මෙම වන්නමින් නිරූපණය වේ.
සුරපති වන්නම - ඊශ්වර දෙවියන් පිළිබද වර්ණනා කරන වන්නමකි.
ගණපති වන්නම - ගණ දෙවියන්ගේ නුවණ ගැනත් ශරීර ස්වාභාවය ගැනත් පවසන වන්නමකි.
අසදෘශ වන්නම - බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණ කියැවෙන වන්නමකි.
වෛරොඩි වන්නම - වාදයක ස්වරූපයෙන් නිර්මාණය වූ වන්නමකි.
(උපුටා ගැනීමකි)
No comments:
Post a Comment