සොයන්න බලන්න

හනුමා වන්නම

තනම් දනත් තම් දනත් තනම් දන, තනම් දනත් තනෙනා - තෙයි 
තනම් දනත් තම් දනත් තනම් දෙන තනම් දනෙත් තනෙනා

ගි රි න් ගිරට පැන ලැගුම් සොයා පුබුදිමින් අරුන කලමා - ගොර
දෙමින් නැවත වට පිටින් බලති නෙක උහුළු විහිළු පුදු මා

එ යි න් නැවත පල තුරින් තුරට පැන මලින් පලද දලුමා - අත
දෙමින් රැගෙන කට කොනින් බුදිති වට පිටින් බියැති බැලු මා

දු ටි න් අයෙක් සට පටින් පැනුම් රැලි පොටින්නෙරා ගෙව්මා - බය
දුටින් එවිට අතුපතින් වසා මුව ඉතින් නැතෙයි පෙනු මා

ම තින් උඩගු සිත ගතින් වැඩිව පෙර පැතුම් විලස දැරුමා - නැත
යෙතින් මෙලෙස ඉසි මතින් යෙදුන පෙර මෙවන් වරුන ගනු මා

1 comment:

Popular posts