සොයන්න බලන්න

සොකරි ගැමි නාටකය

🎎 සොකරි ,කෝලම් ,නාඩගම් , රූකඩ  ආදිය දේශීය ගැමි නාටක ගණයට අයත් වේ .
🎎 මෙය අතරෙන් සොකරි නාටකය ,වන්නියටත් ,සතර කෝලේ ඇතැම් ප්‍රදේශ වලටත් සීමාවු ගැමි නාටකයකි.
🎎 ලක්දිව පවතින ඉතාම පැරණි ජන නාටකය මෙය බව ඇතැම් ලක්ෂණ මත පහළ වී ය 
🎎 මෙම නාටකයේ සියලු චරිත රඟපාන්නේ පිරිමින් විසින් පමණි 
🎎 සොකරි යනු මෙම නාටකයේ ප්‍රධාන චරිතය බැවින්, මෙම නාට්‍ය එම නාමයෙන් ම හඳුන්වනු ලැබේ .

රංග දැක්වීමේ අරමුණ :
🌺 සශ්‍රීකත්වය 
🌺 පූජා අර්ථ ය 
🌺 සෞභාග්‍යය 
🌺 ගමට, රටට සෙත් ශාන්තිය පැතීම 
🌺 වසංගත රෝග හා ස්වාභාවික විපත් වලින් ආරක්ෂාව 
🌺 විනෝදාස්වාදය සඳහා 

නාටක හා වෙස් මුහුණූ කලාව

♦️පැරැණි පොත්පත්වල සඳහන් ආකාරයට මහා සම්මත රජුගේ අග බිසවට සෑදුනු දොළක් සංසිඳවීම සඳහා මහාසම්මත රජුගේ ඉල්ලීම පරිදි සක්‍ර දේවේන්ද්‍රයා විසින් මහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා සාදවන ලද්දක් බව සඳහන් වෙයි .මෙතැන් පටන් ආරම්භ වූ කෝලම් නර්තනය පහතරට නර්තන සම්ප්‍රදායන් පැවත එන්නක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් .

 ♦️මෙම වෙස් මුහුණු කලාව සඳහා විශේෂිත වූ ලී වර්ග යොදා ගනී .ඒවා කල් පවතින ලෙස ද තෝරාගැනීම විශේෂිත වෙයි .අඩු බරකින් යුක්ත කල්පවතින වෙල් කදුරු හෝ රුක්කත්තන මේ සඳහා යොදා ගනී . නාග රාක්ෂ හා ගුරුළු රාක්ෂ මෑත කාලයේත් තොවිල් වලට ද භාවිතා කරයි . මේවා අතීතයේ යුද උපක්‍රම සඳහාද භාවිතා කල බව කළ බව පොතපතෙහි සඳහන් බව විශේෂයෙන් දන්වා දිය යුතුය .

 🎭ප්‍රධාන වශයෙන් නාට්‍ය සඳහා ගැන එන්නේ 
 1.කෝලම් වෙස් මුහුණු 
 2.ගැට වෙස්මුහුණු 

ශාන්තිකර්ම සහ වෙස් මුහුණු කලාව

ලංකාවේ ශාන්ති කර්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු කිහිප ලෙසකට මූලිකව වර්ග කල හැක. 1.පුරා වෘත්ත හෙවත් මිත්‍යා විශ්වාස සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු 2.මිනිස් සහ සත්ව ආත්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු මෙම වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබයි. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්‍යවහාර කරනු ලබයි. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබේ. එය නම් දඹදිව සංඛපාල රජුගේ කතාවයි. මෙම පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබයි . 1. භූත සන්නිය 2. අභූත සන්නිය 3. අමුක්කු සන්නිය 4. වෙඩි සන්නිය 5. වාත සන්නිය 6. කණ සන්නිය 7. පිත් සන්නිය 8. බිහිරි සන්නිය 9. ගොලු සන්නිය 10. මුර්තු සන්නිය 11. දෙමළ සන්නිය 12. නාග සන්නිය 13. කොර සන්නිය 14. ගිනිජල සන්නිය 15. ගුල්ම සන්නිය 16. සීතල සන්නිය 17. දේව සන්නිය 18. කෝල සන්නිය ❤️ මෙම සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට ඉහත දැක්වෙන පරිදි වේ.

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව

❤️ ශ්‍රී ලංකාවේ භාවිත වන වෙස්මුහුණු වෙස් මුහුණු වර්ග හතකට පමණ දැක්විය හැක . 🎭සන්නි මුහුණු 🎭කෝලම් මුහුණු 🎭දිව්‍ය පුද්ගල මුහුණු 🎭සත්ව මුහුණු 🎭රාක්ෂ මුහුණු 🎭යක්ෂ මුහුණු 🎭මිත්‍යා විශ්වාස මුහුණු ❤️ ඈත අතීතයේ සිට ම පැවත එන වෙස්මුහුණු කලාව පාරම්පරික අගයක් එකතු කරයි .කලාවට සම්බන්ධ වෙස්මුහුණු කලාව විවිධ පූජා හා නර්තන කලාවන් සඳහා යොදා ගනී .මුලින්ම වෙස්මුහුණු කලාව දෙස බලද්දී එය එය ආදී මුතුන් ආදි මුතුන් මිත්තන්ගෙන් පැවත ආවකි .ප්‍රථමයෙන්ම වෙස්මුහුණු කලාව ආරම්භ වන්නේ පුවක් ගහෙන් ලබා ගන්නා කොලපත් ආශ්‍රයෙන් . ආදිවාසීන් මෙම ක්‍රමය යොදා ගත් බව දක්වන්න පුලුවන් .ඔවුන් මෙම ක්‍රමය යොදා ගත්තේ විවිධ පාරම්පරික පූජා විධි රටාවන් සඳහා ය.මේ අනුව ශ්‍රී ලංකාව වෙස් මුහුණු කලාව සඳහා සුවිශේෂී ස්ථානයක් ගනී . ❤️ සොකරි නර්තනය සඳහා ද කොළපත් ආශ්‍රය කරගත් වෙස්මුහුණු භාවිතා කිරීම සිදුව තිබේ .එය ද කදිම නිදසුනකි . ❤️ මේ අනුව පසු පසුකාලීනව කළාකරුවාගේ හැකියාවන් මත වෙස්මුහුණු කලාව ආරම්භ වී පැවතිණ . ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්‍රසිදිධ වූ නගරයක් ලෙස දකුණු පළාතේ පිහිටි අම්බලන්ගෙඩ දැක්විය හැක. කෙසේ වෙතත් මෙම නගරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහා ද ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි. විදේශීය සංචාරකයන් අතර ද මෙම අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙස් මුහුණු ඉතාමත් ජනප්‍රය වී තිබේ. මෙම නවීන වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙනු දක්නට ලැබෙන අතර එය සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය ‍සඳහා ඇද ගැනීමට උපක්‍රමයක් ලෙස ද යොදාගෙන තිබේ.මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබන අතර එය එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට ඉමහත් රුකුලක් වී තිබේ. මෙම වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහායි. යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැක.

ගොඩ සරඹ

 1. අඩිය - පදය - 

දොමි කිත කිත දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 


2. දෑඩිය - පදය 

දොමි කිත කිත දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 


3. තුන් අඩිය - පදය 

දොමිත දොමිත දොම් දෙමි කිත කිත දොම් කස්තිරම - ගත්තකු ජිත් තම් - ගජිතකු ජිත්තම් තරිකිට ජිත් - තරිකිට දොමිකිට තා 


4. සිව් අඩිය - පදය - 

දොමිත දොමිත දොම් දොම් කිත කිත දොම් කස්තිරම - ගත්තකු ජිත් තම් - ගජිතකු ජිත්තම් ගජිං ජිංත කුද ගජිතකු ජිත්තම් තරිකිට ජිත් තරිකිට දොමිකිට තා 


5. ඇල සරඹය- පදය - 

දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් තාග්ගජිංතක තරිකිට කුංදත් ‍රුංතක ජිංතක තරිකිට කුංදත් තා 


6. දෑල සරඹය පදය - 

දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් // තාග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා 


7. අංගහාරය පදය - 

දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත්/// තාග්ගජිංතක තරිකිට කුනංදත්//‍ රුනංතක ජිං ජිං තකුතක ජිං ජිං රුනංතක ජිංතක තරිකිට කුනංදත් තා. 


8. අර්ධ චක්‍ර සරඹය පදය - 

දොමි කිත කිත දොම් කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් /// තාග්ගජිංතක තරිකිට කුංදත් /// රුංතක ජිං ජිං තකුතක ජිං ජිං රුංතක ජිංතක තරිකිට කුද කුද තාග්ගජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් තා 


9. දෑත පෑගීමේ සරඹය පදය - 

දොමිත දොමිත දොම් දෙමි කිත කිත දොම් කස්තිරම - තකට තකට තක තරිකිට කුංකුත් /// ගජිං 


10. බඹර සරඹය පදය - 

දොමිත දොමිත දොම් දෙමි කිත කිත දොම් කස්තිරම- තකට තකට තක තරිකිට කුංදත් තා - තක ජිජිකුද // තකට තකට තක තරිකිට කුංදත් /// තා 


11. පැනීමේ සරඹය - පදය - 

දොමි කිත කිත දොම් කස්තිරම - තක්කඩ තරිකිට ජිජිකුද ජික්කඩ තරිකිට ජිජිකුද තොංකඩ තරිකිට ජිජිකුද නංකඩ තරිකිට ජිජිකුද තක්කඩ තරිකිට - ජික්කඩ තරිකිට තොං කඩ තරිකිට- නං කඩ තරිකිට තත්කඩ ජික්කඩ තොංකඩ නංකඩ තත් ජිත් තොං නං තා 


12. චන්දිකා සරඹය - පදය - 

දොමි කිත කිත දොම් කස්තිරම - තත් තත් තත්කඩ තරිකිට ජිත් ජිත් ජික්කඩ තරිකිට තො තො තොංකඩ තරිකිට නං නං නංකඩ තරිකිට තත්කඩ තරිකිට - ජික්කඩ තරිකිට තොංකඩ තරිකිට - නං කඩ තරිකිට තක්කඩ - ජිත්කඩ - තොංකඩ - නංකඩ තත් ජිත් තක ජිත් තත් ජිත් තො නං තා

ග්‍රීවා භේද || භරතනාට්‍යම්

භරතනාට්‍යම් හි ගෙල (බෙල්ල) භාවිතයෙන් කරන චලන 4කි. මේවා "ග්‍රිවා භේද" නම් වේ. 1.සුන්දරී 2.තිරස්චීනා 3.පරිවර්තිතා 4.ප්‍රකම්පිත Slokam 👇 "Sundari cha tiraschina tathaiva parivartita Prakampita cha bhavajnaih jneya greeva chaturvidha"

සමන් දෙවි මල්යහන් කවි

අනිලා වන්නම

සබරගමු නැටුම් කලාවේ පළමු පියවර

පහතරට නර්තන සම්ප්‍රදාය - Dancing AL

Zonal Education Office - Bandarawela

ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අදාල ජන ගායනා Dancing (Oriental) GCE OL

Zonal Education Office - Bandarawela

ගිනි සිසිල -PART 01

 


අ.පො.ස. (සා.පෙළ) නර්තනය (දේශීය) ප්‍රායෝගික පරීක්ෂණ ආදර්ශ මාර්ගෝපදේශය | 1 ක්‍රියාකාරකම ගායනය හා වාදනය



බලි යාගයේ විකාශනය

යාතුකර්ම හෝ යාග කර්ම යන විවිධ නම්වලින් හඳින්වෙන ශාන්තිකර්ම සම්ප්රදාය අපේ ජන සංස්‌කෘතියේ අනාදිමත් කලක සිට පැවත එන්නකි. වර්තමානය දක්‌වාත් අවිච්චින්නව ගලා එන බැවින්ම එය පුළුල් සම්ප්රදායක්‌ ලෙස ද හඳුනාගත හැකිය. ශාන්තිකර්ම සම්ප්රදාය පිළිබඳ අසා, විමසන්නට අධ්යතන පොදු ජන සමාජය තුළ උනන්දුවක්‌ නොවීම අභාග්යයකි. ඒ අපේ ජන සංස්‌කෘතියේ, ජන සම්ප්රදායේ බොහෝ මූලයන් මේ යාග සම්ප්රදාය තුළ සැඟවී ඇති බැවිනි.
යාග කර්ම අතර බලි යාගයට හිමිවන්නේ විශේෂ තැනකි. ඒ එහි භාවිතාවේ වටිනාකම නිසාම පමණක්‌ නොව ඒ හා බැඳුණු අපූරු සෞන්දර්යාත්මක ප්රකාශනය නිසාද වෙයි.
මිනිසා තිරිසන් බවින් මිදී මනුෂ්ය යන උත්තරීතර තත්ත්වයට පත්වීමත් සමගම තමා අවට ලෝකය පිළිබඳ වඩාත් විමසිල්ලෙන් සිතන්නටත් බලන්නටත් පටන් ගත්තේය. තමාට නිතර දෙවේලේ මුණගැසුණු ඇසූ - දුටු දේ තුළ පවා පැවතිය හැකි කිසියම් ගුප්තමය ස්‌වරූපයක්‌ ඔවුන් හඳුනාගත්තේය. නිරන්තරයෙන්ම ඔවුන් තුළ ඒ කෙරෙහි බිය සම්ප්රයුක්‌ත ගෞරවයක්‌ ඇති වීමටත්, ඒ නිසාම ඒවා වන්දනාමානයට පාත්ර වීමටත් හේතු වූයේ ඒකී හඳුනාගත නොහැකි ආගන්තුකයක්‌ වූ ගුප්ත බවමය.

ස්‌ත්‍රීන්ගේ මන දොළ සපුරන කඩවර යක්‌ කංකාරිය.....

ලක්‌දිව උඩරට ප්රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මය කඩවර යක්‌ කංකාරියයි. උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්රභවය ලබා ඇති මෙකී යක්‌ කංකාරිය රට යකුමෙන් පහතරට ජනතාවටත් කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක්‌ නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය. කඩවර හුදු ගර්භ සංරක්ෂණයට පමණක්‌ සීමා වූ ශාන්ති කර්මයක්‌ නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස්‌ ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක්‌ ලෙඩ රෝග හා සබැඳි යක්‌කාරියකි. එමෙන්ම දරු ප්රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක්‌ සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්‌ත උවදුරුවලින් කාන්තාවන් නිදහස්‌ කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස්‌ පැයක්‌ මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක්‌ කංකාරියක්‌ පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති.

කඩවර යක්‌ කංකාරිය කන්ද උඩරට මෙන්ම උතුරුමැද හා වයඹ යන පළාත්වල ද විවිධ මුහුණුවරින් පවත්වන්නෙකි. උතුරුමැද පළාතේ පවත්වන කඩවර නැටීම, කොහොඹා යක්‌ කංකාරියේ පූර්වාධයකි. වයඹ පළාතේ කඩවර නැටීම, දළකඩවරට ගොට,q පිදේනි කැපකොට දීමට සීමාවන්නෙකි.
එහෙත් මධ්යම පළාතේ කඩවර යක්‌ කංකාරිය සීරි/ රීරි කඩවර, කොට කඩවර, රතිකඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙන පන්යක්‌කම, කපුයක්‌කම, නයියක්‌කම, වැදියක්‌කම, දරුයක්‌කම, බොරුයක්‌කම, මහයක්‌කම යන යක්‌කම් හතකින් පරිපූර්ණ වූ සර්ව රාත්රිකව පවත්වන ගර්භ සංරක්ෂණ පූජා කර්මයකි. ගර්භ සංරක්ෂණය අරබයා කන්ද උඩරට පැවැත්වෙන සොකරි නැටුම, මල් බලිය පිදීම, කිරි අම්මාවරුන්ගේ දානය, කළුකුමාර යන්ත්රය පැළඳීම හා විවිධ ආගමික ස්‌ථානවලට භාරහාර වීම යනාදී දහසකුත් එකක්‌ පූජා කර්ම අතර කඩවර යක්‌කංකාරියට ප්රමුඛ ස්‌ථානයක්‌ හිමිවන්නේ ප්රතිඵලදායක වූ වත් පිළිවෙත් රටාව හේතුවෙනි.

කොහොඹා කංකාරිය

ශ්රී ලංකාවේ දෙවි දේවතාවෝ බුදුදහමටත්, කිතු දහමටත්, හින්දු දහමටත් සෘජුව සම්බන්ධ දෙවිදේවතාවෝ හා ගැමි ජනතාවගේ පාරම්පරික ඇදහිලිවලට අරක්‌ ගත් දෙවි දේවතාවෝ වශයෙන් කොටස්‌ දෙකක්‌ වෙති. මෙම දෙවි දේවතාවුන් අතර සෙත් ශාන්ති ගෙන දෙන දෙවි දේවතා පිරිසක්‌ ද වින කිරීම් හා රෝග උපද්රව කිරීම් කරනු ලබන දෙවි දේවතා පියසක්‌ ද වෙති. ඊට අමතරව මෙම අංශ දෙකම නියෝජයන කරන දෙවිවරු සිටිති. කොහොඹා දෙවියෝ ඊට නිදසුන් වෙති. කොහොඹා කංකාරිය, කොහොඹා කම්කාරිය, කොහොඹා යක්‌කම යන ව්යවහාරයන්ගෙන් හඳුන්වන්නේ කොහොඹා දෙවියන් විෂයෙහි (කොහොඹා යනුවෙන් ද හැඳින්වේ.) පවත්වනු ලබන යාගෝත්සවයකි. මෙය ලංකාවේ මධ්යම කඳුකර ප්රදේශවලට ආවේනික වූ ශාන්ති කර්මයකි.

කොහොඹා දෙවියන්ගේ උත්පත්තිය පිළිබඳ ජනප්රවාද කිහිපයකි. කොහොඹ ගසට අධිගෘහිත බැවින් කොහොඹ යකා යනුවෙන් හැඳින්වෙන බව එක්‌ අදහසකි. දඹදිව බරණැස්‌ නුවර ඉන්දර හා පද්මාවතී රජ යුවළගේ දුව වූ චන්ද්රකාමී කුමරිය හා කලිඟුරට කිරදාර හා මායාවතී රජ යුවළගේ පුත් සුරඹා අතර ප්රේම සම්බන්ධයක්‌ ඇති කොට ගත් බවත්, සුරඹා නිසා ගැබ්ගත් චන්ද්රකාමී කුමරිය සුරඹා සමඟ රහසිගතව යන අතරමග වනයකදී කොහොඹ ගසක්‌ යටදී පුත් රුවනක්‌ ප්රසූත කළ බවත් එසේ උපන් කුමරා කොහොඹා නම් වූ බවත් ජනප්රවාදයේ එයි. "මලේ රාජකථාව" නම් ග්රන්ථයට හා "රාජාවාලිය" සඳහන් කරන ආකාරයට කොහොඹා යකාගේ උපත මීට වඩා වෙනස්‌ය. රාවණ රජු පැහැරගෙන ගිය තම බිසව වූ සීතා කුමරියගේ පතිවත ගැන සැක සිතූ විෂ්ණු ගැබ්ගෙන සිටි සීතා වනයට ගෙනගොස්‌ මරා දමන ලෙස සමන් දෙවිඳුට අණ කළේය. නමුත් සීතාව කෙරෙහි අනුකම්පා උපදවාගත් සමන් සීතාවට වනයේදී ජීවිත දානය දී එකෙකුගේ ලෙයින් අසිපත කොටාගෙන විත් විෂ්ණුට දැන්වීය. ප්රසව වේදනාවෙන් සිටි සීතාව වැල්මනී නම් තාපසයාගේ උදව් ලැබිණි. ඇය දරුවා ප්රසූත කළාය. දරුවා තාපසයාට භාරකොට ඇය පළවැල එකතු කිරීමට ගිය අවස්‌ථාවක දරුවා යහනින් වැටී හඬමින් සිටිය නමුqත් දරුවා ස්‌පර්ශ කිරීම අකැප යෑයි සිතා යහනට මලක්‌ දැමීමෙන් යහන මත කුමරෙකු නිර්මාණය විය. සීතා පැමිණ යහන මත වූ දරුවා නළවන අතර යහන යටින් ද දරුවකු හඬනු අසා ඇය කලබල වූවාය. ඒ ගැන තාපසයාගෙන් විමසූ විට තාපසයා තවත් දරුවකු මවා පෙන්වීය. සීතා මෙම දරුවන් තිදෙනාම ඇති දැඩි කළාය. මලේ රජදරුවන් ලෙස හැඳින්වූයේ මොවුන් තිදෙනාය. ඒ අනුව කොහොඹා දෙවියන් යනු මලේ රජම බව කියවේ.

ශාන්ති කර්ම

බොහෝ විට රෝග, අපල ආදියෙන් ආරක්ෂා වීමට සහ ඒවායින් සුවය ලැබීම පිණිස ශාන්ති කර්ම සිදු කරනු ලැබේ.

මෙරට නැටුම් සම්ප්රදායන්ට ආවේණික වූ විවිධාකාර වූ ශාන්ති කර්ම දැක ගත හැකි අතර, ඒ එක් එක් ශාන්ති කර්ම ප්රාදේශීය වශයෙන් සහ පූජා විධි වලට මුල්වන දෙවිවරු හා යකුන් අනූව වෙනස් වේ. උදාහරණයක් ලෙස පහතරට සන්නි යකුම දැක්විය හැකිවේ. කළුතර ප්රදේශයේ සන්නි යකුම ශාන්ති කර්මයේ සැන්දෑ සමයම පුද ලබන යකුන් වන්නේ කළු යකා, රීරි යකා, තොට යකා හා අභිමාන යකා වූවත්, අම්බලන්ගොඩ ප්රදේශයේ පුද ලබන්නේ කළු යකා, රීරි යකා, අභිමාන යකා, සූනියම් යකා හා බිල්ලේ යකා වේ.

💫උඩරට ශාන්ති කර්ම...
🌓 දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)-කොහොඹා කංකාරිය
🌓 යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)-කඩවර සමයම
දෙවොල් භාගය
🌓 ග්රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්රහ තොවිල්)-බලියාග

💫පහතරට ශාන්ති කර්ම
🌓 දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)-දෙවොල් මඩු,
ගම් මඩු,
මල් මඩු,
පූනා මඩු,
ගිනි මඩු,
🌓 යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)-සන්නි යකුම,
රට යකුම,
සූනියම් කැපිල්ල,
මහසොහොන් සමයම,
කුමාර සමයම,
ගොපලු සමයම,
🌓 ග්රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්රහ තොවිල්)-බලියාග,
ග්රහ පූජා,
ග්රහ ශාන්ති,

අටමඟල....



අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්
රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණුනා වගේම අදටත් භාවිතා වෙනවා. මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ
* ස්වස්ථික
* පුන් කලස්
* චාමර
* ප්රදීප
* ඡත්
* දර්පණ
* ශංඛ සහ
* ශ්රී වත්ස යන සලකුණුයි
සෙත් ශාන්ති ළඟා කරගැනීම ආදී විශ්වාසයන් හේතුවෙන් අටමඟල යන්ත්ර පැළඳීමක් ගැන හින්දු වේදයේ සටහන් වෙනවා. මීට අමතරව ශාන්තිකර්ම, පෙරහැර, විවාහ, නිවෙස් ඉදිකිරීම්, නේත්රා මංගල්ය ආදී අවස්ථාවන් වලට තමයි සිංහල බෞද්ධයා වැඩිපුරම මෙම සංකේත යොදාගන්නෙ. ඒ වගේම විවිධ අවස්ථාවන් වල අෂ්ඨ මංගල වස්තු හැටියට ගැනෙන සංකේත වෙනස් වන අවස්ථාත් දැකගන්න පුළුවන්. උත්සව අවස්ථාවල සැරසිල්ලක් ලෙසත් යොදාගැනෙන අෂ්ඨ මංගල සලකුණු අප අතර පවතින වැදගත් සංස්කෘතිකාංගයක් ලෙස හැඳින්විය හැකියි.
මේ අතරම මේ සටහනට එකතු කලයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අප අද වෙනකොට මේ අෂ්ඨ මංගල වස්තු හැඳින්වෙන “අටමඟල” කියන වචනය අපහාස, උපහාස අවස්ථාවන්ට යොදාගැනීම. මෙහෙම යෙදුම් ව්යවහාරයට එකතු වුණේ කොයි කාලෙද? කව්ද පටන් ගත්තෙ? කොහොමද? කොහෙදිද? ….. ප්රශ්න ගොඩයි. හරියට බැළුවොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අෂ්ට මංගල වස්තුවලට අපිම ගරහනව නේද?
අපේ දේවල් වලට, අපේ සංස්කෘතියට අපිම ගරහන පළමු හා එකම අවස්ථාව මේක නෙවෙයි. ව්යවහාරයෙන් තව ඕනෑ තරම් නිදර්ශන ගෙනහැර දක්වන්න පුළුවන්. අපි ඇයි මේ විදිහට අපේම දේ වලට ගරහන්න පුරුදු වෙන්නෙ? බොහෝ වෙලාවට මේ වචන වල ඇත්ත තේරුම නොදන්නා කම නිසා කොහෙන් හරි ඇහුණම ඒක කියන්න පුරුදු වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න හොඳම ක්රමය අපේ සංස්කෘතිකාංග ගැන මනා අවබෝධයක් ලබාගැනීම නේද? මේ ගැන සලකා බැලීම ඇත්තෙන්ම වටිනවා. සිංහලයගෙ සංස්කෘතිය ගැන සිංහලයා මිසක් වෙන කවුරු දැනගන්නද? අපි හැමවිටම අපේ දේ ගැන ඉගෙනගමු. අපේ සංස්කෘතිකාංගවලට ගරහන අවස්ථා හොයා ඒවා නිවැරදි කරන්න අපේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමු.....

( උපුටා ගැනීමකි)

උඩරට වෙස් නැටුම බවට පත්වූ යක්ෂ නැටුම...

නර්තන ඉතිහාසය සම්බන්ධයෙන් අපට මෙහිදී ඇසිය හැකි ප්රශ්න දෙකක් ඇත. වර්තමානයේ “උඩරට නැටුම්” ලෙස හඳුන්වන නැටුම් යටත්විජිත සමයේදී “යක්ෂ නැටුම්” ලෙස හැඳින්වූයේ ඇයි ද යන්න ඉන් පළමුවැන්නයි. දෙවැනි ප්රශ්නය වන්නේ එසේ යක්ෂ නැටුම් ලෙස යටත්විජිත සමයේදී හැඳින්වූ නැටුම් පසු-යටත්විජිත අවධියේදී උඩරට වෙස් නැටුම ලෙසින් ගෞරවාර්ථයට පත් වන්නේ කෙසේද යන්නයි.

වර්තමානයේ “උඩරට වෙස් නැටුම” සිංහලයන්ගේ සංස්කෘතික සහ ජාතික අනන්යතාව විදහා දක්වන ගම්භීර නැටුමක් ලෙස සැලකුණද, එයට ජාතිකත්වය ආරෝපණය කිරීමේ ඉතිහාසය එතරම් ඈතකට නොයයි. ඒ ජාතිකත්වය පසුගිය ශතවර්ෂයේදී නැටුමට ආරෝපණය කෙරුණකි. පොදුවේ ගත් කල අප අද “උඩරට නැටුම” ලෙස හඳුන්වන නැටුම්, යුරෝපීය යටත්විජිත සමයේ හඳුන්වන ලද්දේ “යක්ෂ නැටුම්” (devil dance) ලෙස හෝ “සිංහල යක්ෂ නැටුම්” (Sinhalese devil dance) ලෙසිනි. මෙය යටත්විජිත සමයේ විවිධ සටහන්වල ඉංග්රීසියෙන් “Singhalese devil dance” හා “Cingalese devil dance” ලෙසද හමු වේ. නර්තන ඉතිහාසය සම්බන්ධයෙන් අපට මෙහිදී නැටුම් යටත්විජිත සමයේදී “යක්ෂ නැටුම්” ලෙස හැඳින්වූයේ ඇයි ද යන්න ඉන් පළමුවැන්නයි. දෙවැනි ප්රශ්නය වන්නේ එසේ යක්ෂ නැටුම් ලෙස යටත්විජිත සමයේදී හැඳින්වූ නැටුම් පසු-යටත්විජිත අවධියේදී (postcolonial period) උඩරට වෙස් නැටුම ලෙසින් ගෞරවාර්ථයට පත් වන්නේ කෙසේද යන්නයි. මේ ලිපියේ දී සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ මෙයින් පළමුවැනි ප්රශ්නයයි.

උඩරට නැටුම්

උඩරට නැටුම් යනු ලක්දිව මධ්යම කදුකර ප්රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්රදායකි. සිංහල නැටුම් සම්ප්රදායන් අතරින් එක් ප්රධාන සම්ප්රදායකි. මේ වන විට මෙය ශ්රී ලංකාවේ සෑම ප්රදේශයකම සිංහල ජනතාව අතරත් පුළුල් ව පැතිරී ඇත. 19වන සියවසේ අග දක්වාම පිරිමින්ට පමණක් සීමාවූ නැටුමකි. වර්තමානයේ කාන්තා උඩරට නැටුම් ද පුළුල් ව පැතිරී ඇත.

ඉතිහාසය
පුරාවෘත්තීන්ට අනුව එකල රජකම් කළ රජු සිහිනයකදී අඳුන් දිවියෙක් තමාගේ ඇඟට පනිනු දැක ඇත. එකල පැවති විශ්වාසයට අනුව, එම සිහිනය කුවේණියගේ ශාපය තමාමත පතිත වීමක් යැයි සැලකූ රජු ඉන් දරුණු ලෙස රෝගාතුර විය. මෙම රෝගය සුව කිරීම පිණිස රජු විසින් කළ ඉල්ලීමකට අනුව යැකැදුරන් පිරිසක් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි අතර ඉන් පසු රජුහට කොහොඹා කංකාරිය නම් වූ ශාන්ති කර්මය සිදු කරන ලදී. මෙයින් රජු සම්පූර්ණ සුවය ලැබූ බවත්, දැනට පවතින උඩරට සාම්ප්රදායික නැටුම් කලාවේ මූලාරම්භය මෙය බවත් ඉතිහාසයේ සඳහන් වේ.
උඩරට රජවරුන්ගේ අනුබලය යටතේ පැවත ආ මෙම සාම්ප්රදායික නැටුම් ක්රමයේ ජනප්රියත්වය බ්රිතාන්ය පාලන සමයත් සමග තරමක් දුරට හීන විය. වර්තමානයේදී එය නැවත උද්යෝගිමත් වී වේදිකාවට ගැලපෙන ලෙස හැඩගස්වා ඇති අතර ශ්රී ලංකාවේ මූලික සංස්කෘතික අංගයක් ලෙස කැපී පෙනෙයි.
උඩරට නැටුම් වර්ග
වෙස් නැටුම්
නෛඅඩි නැටුම
උඩැක්කි නැටුම
පන්තේරු නැටුම
වන්නම්
ශාත්තිකර්ම
කොහොඹා කංකාරිය
වලියක් මංගල්යය
කඩවර කංකාරිය
අඩුක්කු මංගල්යය
වැදි යක්කු නැටුම
ගැටබෙරය උඩරට
නැට්ටුමේ මූලික සංගීත උපකරණයයි. තවත් වාද්ය භාණ්ඩයක් වූ තාලම්පට කුඩා අත්තාලම් යුගලකින් සමන්විත වන අතර එය නැට්ටුවන්ගේ රිද්මය නිසිලෙස පවත්වාගෙන යෑමට උපකාරී වේ. මෙම වාද්ය භාණ්ඩද උපයෝගී කරගනිමින් නැට්ටුවාගේ චලනයන්ට සහ තනුවට අනුව ගායනා කරනු ලබන වන්නම් උඩරට නර්තනයට චමත්කාරජනක බවක් එක් කරයි.....

අපේ පාරම්පරික වෙස්මුහුණු සම්ප්‍රදාය

👹|🇱🇰
මහා සම්මත රජුගේ බිසවට නාට්ය දැක සිනාසීමට ඇති වූ දොල දුකක් සංසිඳීමට විශ්මකර්මයා ලවා සක්ර දෙවියා විසින් සාදවන ලද බව තමයි වෙස් මුහුණේ උපත ගැන පැරණි පොත පතෙහි සඳහන් වෙන්නේ.
වෙස් මුහුණු බොහොමයක් මෙම කෝලම් නාට්ය සහ පහත රට නර්තනය හා සම්බන්ධයි.
සැහැල්ලු සහ කල් පවතින ලී වර්ග වන වෙල් කඳුරු සහ රුක් අත්තන යන ලී වර්ග වලින් වර්තමානයේ නිමවන ලාංකීය වෙස් මූණු කලාවේ ඉතිහාසය ඉපැරණි ගෝත්රික ජනාවාස කාලය දක්වා දිව යන්නක්.
නාග රාක්ෂ, ගුරුලු රාක්ෂ වැනි වෙස් මුහුණු රාවනා යුගයේදී භාවිතා කලා යැයි පැවසෙන්නේ ගෝත්රික යුද පිටියේදී සතුරන් බිය වැද්දීමට.
ඉතා විශාල යක්ෂ රාක්ෂ මුහුණු පැලඳ සටන් වැදීමෙන් සතුරන් මේ මිනිසුන් නොව භයානයක සත්වයන් කියා රැවටුන බවයි කියවෙන්නේ.
වර්තමානයේ මේවා යොදාගැනෙන්නේ තොවිල් ආදියට.

සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණු....

වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්රදායික කලාවකි. මෙය උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්රදායන් සමඟ සබැඳිය.
ශ්රී ලංකාව වෙස් මුහුණු සඳහා ඉතාමත් ප්රසිද්ධියක් උසුලන්නා වූ දිවයිනක් වේ. මෙම වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට සාධාරණව කිව නොහැකි වුවත් අනුමාන වශයෙන් එය ශත වර්ෂ කිහිපයක් පමණ ඉපැරණි බැව් කිව හැක. ශ්රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කරණකි. ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට එම ඉතිහාසය සාක්ෂි දරයි.
ශ්රී ලංකාවේ වෙස් මුහුණු කලාව විවිධාකාර වූ සංස්කෘතිකාංගයන් නිරූපනය කරන බව නොරහසකි. එසේම එම වෙස් මුහුණු කලාව ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට සාධාරණ දායකත්වයක් ද ලබා දී ඇත.
ශ්රී ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්රසිදිධ වූ නගරයක් ලෙස දකුණු පළාතේ පිහිටි අම්බලන්ගෙඩ දැක්විය හැක. කෙසේ වෙතත් මෙම නගරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහා ද ඉතාමත් ප්රසිද්ධියක් උසුලයි. විදේශීය සංචාරකයන් අතර ද මෙම අම්බලන්ගොඩ ප්රදේශයේ වෙස් මුහුණු ඉතාමත් ජනප්රය වී තිබේ. මෙම නවීන වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙනු දක්නට ලැබෙන අතර එය සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය සඳහා ඇද ගැනීමට උපක්රමයක් ලෙස ද යොදාගෙන තිබේ.මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබන අතර එය එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට ඉමහත් රුකුලක් වී තිබේ. මෙම වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්යමාන බලවේග සදහායි. යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්යමාන බලවේග පිදීම පිළිබඳ ප්රසිද්ධියක් උසුලන දූපතක් ලෙස ශ්රී ලංකාව දැක්විය හැක.
වෙස්මුහුණු වර්ග
ශ්රී ලංකාවේ භාවිතා කරන වෙස් මුහුණු වර්ග හතකට පමණ බෙදිය හැකි වේ.
රාක්ෂ මුහුණු
යක්ෂ මුහුණු
සන්නි මුහුණු
මිත්යා මුහුණු
දිව්ය පුද්ගල මුහුණු
කෝළම් මුහුණු
සත්ව මුහුණු
ශාන්ති කර්ම
ලංකාවේ ශාන්ති කර්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු කිහිප ලෙසකට මූලිකව වර්ග කල හැක.
1.පුරා වෘත්ත හෙවත් මිත්යා විශ්වාස සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු
2.මිනිස් සහ සත්ව ආත්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු
මෙම වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්රසිද්ධියක් උසුලනු ලබයි. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබයි. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්යවහාර කරනු ලබයි. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබේ. එය නම් දඹදිව සංඛපාල රජුගේ කතාවයි. මෙම පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබයි. මෙම සන්නි යකුමට අයත් නැටුම් කොටස් ලෙස
සැන්දෑ සමයම
යහන් දැක්ම
සොළොස් පාලිය
ආදිය දැකිවිය හැක.
මෙම සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට පහත දැක්වෙන පරිදි වේ.
1.භූත සන්නිය
2.අභූත සන්නිය
3.අමුක්කු සන්නිය
4.වෙඩි සන්නිය
5.වාත සන්නිය
6.කණ සන්නිය
7.පිත් සන්නිය
8.බිහිරි සන්නිය
9.ගොලු සන්නිය
10.මුර්තු සන්නිය
11.දෙමළ සන්නිය
12.නාග සන්නිය
13.කොර සන්නිය
14.ගිනිජල සන්නිය
15.ගුල්ම සන්නිය
16.සීතල සන්නිය
17.දේව සන්නිය
18.කෝල සන්නිය
පහත රට නර්තන සම්ප්රදාය සැලකීමේ දී මේ ආකාරයෙන් පෙළපාලි ප්රමාණයක් දක්නට ලැබෙන ශාන්ති කර්මයක් ලෙස මෙම සන්නියකුම දැක්විය හැක.

(උපුටා පල කරන ලදී ) 

කෝලම් නාට්‍ය සහ සමාජය....

වේශධාරී රංගනය හෙවත් කෝලම් නැටීම අති පුරාණයේ පටන් පවත්නා කලාවකි. ලීයෙන් පිළිම පෙතිකඩ ආදිය නෙළීම ඇරඹීම නිසා ද සඳ කිඳුරු, මනමේ ආදී ජාතක කථා කෝලම් ලෙස රඟ දැක්‌වීමට පටන් ගැනීම නිසා ද වෙස්‌මුහුණු කලාවට බෞද්ධාගම ද එක අතකින් රුකුලක්‌ විය. සිනමාව රූපවාහිනිය ආදිය ඇතිවන්නට පෙර අප ජනීජනයාට කලා රසය හා විනෝද ආශ්වාදය ලබා දීමට ද එය පිටිවහලක්‌ විය.

විශේෂයෙන් එදා පහතරට ධීවර ජනතාවටම උරුම වූ කෝලම් රංගනයට සතියක්‌ පමණ කලින් ඔවුන් ඒ සඳහා සූදානම් වූහ. රංගනය නැරඹීමට පැමිණෙන සියල්ලන් විසින් රංගන ශිල්පීන්ට ඉතාමත් ගෞරවයෙන් සැලකූ අතර ඔවුන්ට පොදුවේ සියලුම ගම්වැසියන් අනගි සහායක්‌ ලබා දුන් අතර කෝලම් මඩුව සැකසීමට අවශ්ය සියලු දෑ (කෙසෙල් කඳන්, ගොක්‌ අතු, ගොරකා අතු, බුරුල්ලා කොළ, විලක්‌කු, පන්දම්, පහන්, මල්, පිරුවට, කෑම බීම) අෙන්යාන්ය සහයෝගයෙන් සපුරා දී ඇත. එදා පහත රටින් ගොස්‌ උඩරට තේ වතුවල දෙතුන් මහල් තේ කම්හල් ස්‌ටෝරු තනා උපයා ගත් ධනය රැගෙන සිංහල අවුරුද්දට ගමට පැමිණි වඩු කාර්මික බාස්‌වරුන් නිසා මෙම කෝලම් රඟ දැක්‌වීම දියුණුවට පත් විය.

උඩරට වෙස් ඇදුම් කට්ටලය....

උඩරට ප්ධාන නළු ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මලය රජුගේ ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන මෙම ඇදුම් කට්ටලය පඩුවස්දෙව් රජුට වැළදුනු දිවි දෝෂය සුවපත් කිරීම සදහා සිදුකරන ලද හැටපස් මංගල්ලයේ දී මලය රජු, ශාන්තිකර්මය සිදු කිරිමේදී තමාගේ හැටහතර ආභරණය පැළදගෙන ශාන්තිකරමය සිදුකළ බව ජනප්වාදයන් හි සදහන්වේ. රිදියෙන් වැඩ දැමු අලංකාරවත් වූ කැටයම් මගින් අලංකාර වූ වෙස් ඇදුම් කට්ටලය සුර්ය දිව්ය රාජයාගේ ඇදුම් කට්ටලය ලෙසද විශ්වාස කරනු ලබයි. එහෙත් ප්සිද්ධ හා පිළිගත හැකි මතයක් වන්නේ මලය රජුගේ ඇදුම් කට්ටලය බවයි.

වර්තමානයේ දී කොහොඹා කංකාරියේ ප්ධාන ඇදුම් කට්ටලය ලෙස භාවිතා කරනු ලබන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. ඊට අමතරව මහනුවර ඇසල පෙරහැරේ සහ වලියක් මංගල්යයේ ප්ධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. පිරිමින්ට පමණ සැරසීමට සුදුසු වු වෙස් ඇදුම් කට්ටලය කාන්තාවන්ට ඇකැප බව පිළිගැනේ. පුර්ණ වශයෙන් පවිත වූ පසු වෙස් ඇදුම් කට්ටලය ඇදීම ශිල්පීන්ගේ පුරුද්දකි, කිලිවලට අසු නොවී වෙස් ඇදුම් කට්ටලය ඇදීම ශිල්පීන්ගේ නිතියක් සේ පිළිපදිනු ලබයි.
වෙස් ඇදුම් කට්ටලය ප්ධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැක. එනම් හිස වෙස් කොටස හා කරෙන් පහළ ආභරණ ලෙසය.
ජටව
ජටා රැල්ල (පටිය)
පායිම්පත
තෝඩුපත්
රතු ලේන්සු
වෙස් තට්ටුව
නෙත්තිමාලය
කර තැල්ල (කර මාලය)
උරබාහු
අවුල්හැරය
බන්ධි වලලු
කෛයිමෙත්ත
බුබුලු පටිය
ඉන හැඩය
හගල(දෙවැල්ල)
නරු
පොත්පොට
උල් උඩය (නිසන් සගල)
සිලම්බු
කකුල් පටි
පිජාමා කලිසම







(උපුටා පලකිරීමකි)

හිස වෙස් බැඳීමේ චාරිත්‍ර....

(වෙස් බඳින නැකතට සතියකට පෙර සියලු මස් මාංශ අනුභවයෙන් වැළකීම හා පන්සිල් පද කැඩෙන්නට නොදී ආරක්ෂා කිරීම)

1. ගං තොටින් ස්නානය කිරීම.
2. බෙහෙත් වතුරින් නෑවීම.
3. සුදු ඇඳුමින් සැරසී වෙස් බඳින්නට නියමිත පූජා ස්ථානයට පැමිණීම.
4. පන්සිල් ගැනීම සඳහා බුදු මැදුරට පිවිසීම.
5. සළුපිලි කොටස ඇන්දවීම.
6. පසුව වෙස් හිස්වෙස් තැබීම සඳහා පිරිත් සජ්ඣායනා කිරීම හා දෙවියන්ගෙන් අවසර ගැනීම.
7. එක් ළමයෙකුට එක් ගුරුවරයෙකු බැගින් හිස්වෙස් තැබීම.
8. පසුව එම ළමයාව සුදු රෙද්දකින් වසා ගුරුවරයාගේ අධාරයෙන් එලියට පිවිසීම.
9. එලියට පිවිසෙන විටම වස් දොස් හැරීම දරුවාගේ පියා විසින් පොල් ගෙඩියක් ගැසීම.
10. පසුව දරුවා පියාද සමග ගොස් කිරි හරකෙකු දෙස බැලීම.
11. පසුව දරුවාට කිරි ගසක කිරි වැස්සීම බලන්නට දීම.
12. හිසට ඉහලින් කෙහෙල් අත්තක් අල්ල කාලයකින් වතුර වත් කිරීම
13. දරුවාගේ අතට මල් දැමු වතුර කලයක් ලබා දී එය බිඳින්නට දීම.
14. පසුව කාසියක් හා වතුර දැමු කොරහකින් මුණ බලන්නට දීම.
15. කණ්ණාඩියකින් මුණ බලන්නට දීම
16. පසුව සුදු රෙද්ද ඉවත් කිරීම.
17. මල් පහන් දල්වා පූජා පැවැත්වීම.
18. දරුවන්ට වෙස් පැලඳු ඇදුරු ගුරු පියවරුන්ට වැඳ අවසර ලබා ගැනීම.
19. දෙමව්පියන්ට බුලත් හුරුළු දී අවසර ලබා ගැනීම.
20. දෙමව්පියන් ලබා දුන් පලතුරු වට්ටි දෙවියන් සඳහා පූජා කිරීම. (මෙම පූජාව සඳහා ගන්නා කැවිලි තමන්ගේ මව විසින්ම සැදිය යුතුය/ පලතුරු සොයා ගත යුත්තේ ගමෙන්මෙනි/ පුවක් මල් , පොල් මල් තැඹිලි ආදිය කඩා ගත යුත්තේ පියා
21. නර්තන ගුරු ආචාර්යවරයාගෙන් අවසර ලබා ගැනීම.
22. ආරම්භක නර්තනය වන මංගලම් නර්තනය නැටීම.
23. ඕඩියට තම දස්කම් ඉදිරිපත් කිරීම.
24. වෙස් මංගල්යයේ අවසානය.
25. එදින රාත්රියේ ළමයින්ගේ වස් දොස් හැරීම සඳහා බලි තොවිලයක් පැවැත්වීම
(උපුටා පලකිරීමකි )

කෝලම් ගැමි නාටකය Kolam Gemi Natakaya

උඩරට සම්ප්රදායට අයත් ප්රධාන ගැමි නාටකයක් වන සොකරි ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ හාස්ය උප්පාදනය හා සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජය සංශෝධනය කිරීමයි. මෙහි අරමුණු තේමා කොට ගෙන ගොඩනැගුණු කෝලම් නාට්යයෙහි විවිධ චරිත ඇති අතර, ජස ලෙන්චිනා කෝලම හා මුදලි කෝලම තුලින් හාස්යය ඇගයීම හා සමාජයේ දුර්වල ස්ථාන විවේචනයට ලක් කරන අයුරු විමසා බලමු.

ජස ලෙන්චිනා කෝලමෙහි ජසයා යනු රජුගේ මාලිගාවේ රෙදි අපුල්ලන, උඩුවියන්, පවාඩ දමන බේබදුකමට ගති පුද්ගලයකි.ඔහුට බිරියන් දෙදෙනෙකු සිටින අතර එයින් එක් බිරිදක් තරුණ අයෙකි. අනෙක් බිරිද මහලු ය.නමින් ලෙන්චිනා හා පුරන්සිනා වන්නේ මොවුන් දෙදෙනා ය. පුරසාරම් බස් දොඩවමින් බේබදු චරිතයක් විදහාපාන ජසයාගේ චරිතය දුටු ඕනෑම අයෙකුට හාස්ය ඉපදීම පුදුමයක් නොවේ. ඒ බවට කදිම නිදසුනකි මේ,
“මේ ගම් පියසේ හේනේ මාමලා
කොච්චර හිටියත් මං වගේ වෙන නැත
රජ වාසලයෙන් සළුපිලි අරගෙන
එන්නෙමි රජු වඩිනා පෙර මුණයට”

බෙර ගැන......

බෙරයේ ඉතිහාසය ගැන කතා කරන විට එය දීර්ඝ අතීතයකට උරුමකම් කියන වාද්ය භාණ්ඩයක් වබ ඓතිහාසික තොරතුරු වලින් හෙළිවේ. ගස් බෙනයක් මතට සත්ව හමක් එලා එය වියලීමෙන් පසු එය (සම) ගස් බෙනයට ඇලී පැවතුණි. එයට තට්ටු කළවිට රැව්දෙන හඩක් ඉන් නිකුත් විය.පසුව එම ජනයා ගස්වල කොට ගදන් ගෙන ඒවා බෙනයක් ආකාරයට කුහරයක් සාදා ගනු ලැබීය. පසුව ගස් බෙනය මතට සම එලූ ආකාරයටම මෙය මතද සම එළනු ලැබීය. ආදීජනයා මේ ආකාරයට බෙරය නිර්මාණය කර ගන්නට ඇතැයි විශ්වාස කරනු ලබයි.

ශ්රී ලංකාවේද ඉතාඈත අතීතයේ සිටම බෙර වාදනය පැවති බවට සාධක පවතී. මෙම කාරණය සම්බන්ධයෙන් ප්රථමයෙන් ලිඛිත සාධකයක් හමුවන්නේ මහාවංශයෙනි. විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණි දිනයේ රාත්රියේ තූර්ය වාදනයක් අසන්නට ලැබුණු බව මහා වංශයේ සදහන් වේ. මේ පිළිබද විජය කුමරු විමසූ කල්හි එය සිරිසවස්තුපුර පැවති මංගල උත්වයකින් ඇසෙන හඩක් බව කුවේණිය පිළිතුරු ලබා දුන්නාහ. එම තූර්ය වාදන අතර බෙර වාදනය ද තිබූ බව නිසැකය.
බෞද්ධ සාහිත්යයේ හා වෛදික සාහිත්යයේ සදහන් වන ආකාරයට බෙරය විශ්ව කර්ම දිව්ය පුත්රයා විසින් මවන ලද භාණ්ඩයකි. පංචසික ගාන්ධර්වයා බුදු රජාණන් වහන්සේට පූජා පිණිස බෙරයවැයූ බව සදහන් වේ.

Popular posts