සොයන්න බලන්න
ග්‍රීවා භේද || භරතනාට්‍යම්
ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අදාල ජන ගායනා Dancing (Oriental) GCE OL
බලි යාගයේ විකාශනය
ස්‌ත්‍රීන්ගේ මන දොළ සපුරන කඩවර යක් කංකාරිය.....
ලක්‌දිව උඩරට ප්රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මය කඩවර යක් කංකාරියයි. උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්රභවය ලබා ඇති මෙකී යක් කංකාරිය රට යකුමෙන් පහතරට ජනතාවටත් කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක් නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය. කඩවර හුදු ගර්භ සංරක්ෂණයට පමණක් සීමා වූ ශාන්ති කර්මයක් නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස් ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක් ලෙඩ රෝග හා සබැඳි යක්‌කාරියකි. එමෙන්ම දරු ප්රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක් සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්‌ත උවදුරුවලින් කාන්තාවන් නිදහස් කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස් පැයක් මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක් කංකාරියක් පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති.
කොහොඹා කංකාරිය
ශ්රී ලංකාවේ දෙවි දේවතාවෝ බුදුදහමටත්, කිතු දහමටත්, හින්දු දහමටත් සෘජුව සම්බන්ධ දෙවිදේවතාවෝ හා ගැමි ජනතාවගේ පාරම්පරික ඇදහිලිවලට අරක් ගත් දෙවි දේවතාවෝ වශයෙන් කොටස් දෙකක් වෙති. මෙම දෙවි දේවතාවුන් අතර සෙත් ශාන්ති ගෙන දෙන දෙවි දේවතා පිරිසක් ද වින කිරීම් හා රෝග උපද්රව කිරීම් කරනු ලබන දෙවි දේවතා පියසක් ද වෙති. ඊට අමතරව මෙම අංශ දෙකම නියෝජයන කරන දෙවිවරු සිටිති. කොහොඹා දෙවියෝ ඊට නිදසුන් වෙති. කොහොඹා කංකාරිය, කොහොඹා කම්කාරිය, කොහොඹා යක්‌කම යන ව්යවහාරයන්ගෙන් හඳුන්වන්නේ කොහොඹා දෙවියන් විෂයෙහි (කොහොඹා යනුවෙන් ද හැඳින්වේ.) පවත්වනු ලබන යාගෝත්සවයකි. මෙය ලංකාවේ මධ්යම කඳුකර ප්රදේශවලට ආවේනික වූ ශාන්ති කර්මයකි.
ශාන්ති කර්ම
බොහෝ විට රෝග, අපල ආදියෙන් ආරක්ෂා වීමට සහ ඒවායින් සුවය ලැබීම පිණිස ශාන්ති කර්ම සිදු කරනු ලැබේ.
අටමඟල....
අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.
උඩරට වෙස් නැටුම බවට පත්වූ යක්ෂ නැටුම...
නර්තන ඉතිහාසය සම්බන්ධයෙන් අපට මෙහිදී ඇසිය හැකි ප්රශ්න දෙකක් ඇත. වර්තමානයේ “උඩරට නැටුම්” ලෙස හඳුන්වන නැටුම් යටත්විජිත සමයේදී “යක්ෂ නැටුම්” ලෙස හැඳින්වූයේ ඇයි ද යන්න ඉන් පළමුවැන්නයි. දෙවැනි ප්රශ්නය වන්නේ එසේ යක්ෂ නැටුම් ලෙස යටත්විජිත සමයේදී හැඳින්වූ නැටුම් පසු-යටත්විජිත අවධියේදී උඩරට වෙස් නැටුම ලෙසින් ගෞරවාර්ථයට පත් වන්නේ කෙසේද යන්නයි.
උඩරට නැටුම්
උඩරට නැටුම් යනු ලක්දිව මධ්යම කදුකර ප්රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්රදායකි. සිංහල නැටුම් සම්ප්රදායන් අතරින් එක් ප්රධාන සම්ප්රදායකි. මේ වන විට මෙය ශ්රී ලංකාවේ සෑම ප්රදේශයකම සිංහල ජනතාව අතරත් පුළුල් ව පැතිරී ඇත. 19වන සියවසේ අග දක්වාම පිරිමින්ට පමණක් සීමාවූ නැටුමකි. වර්තමානයේ කාන්තා උඩරට නැටුම් ද පුළුල් ව පැතිරී ඇත.
අපේ පාරම්පරික වෙස්මුහුණු සම්ප්රදාය
සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණු....
(උපුටා පල කරන ලදී )
කෝලම් නාට්ය සහ සමාජය....
වේශධාරී රංගනය හෙවත් කෝලම් නැටීම අති පුරාණයේ පටන් පවත්නා කලාවකි. ලීයෙන් පිළිම පෙතිකඩ ආදිය නෙළීම ඇරඹීම නිසා ද සඳ කිඳුරු, මනමේ ආදී ජාතක කථා කෝලම් ලෙස රඟ දැක්‌වීමට පටන් ගැනීම නිසා ද වෙස්‌මුහුණු කලාවට බෞද්ධාගම ද එක අතකින් රුකුලක් විය. සිනමාව රූපවාහිනිය ආදිය ඇතිවන්නට පෙර අප ජනීජනයාට කලා රසය හා විනෝද ආශ්වාදය ලබා දීමට ද එය පිටිවහලක් විය.
උඩරට වෙස් ඇදුම් කට්ටලය....
උඩරට ප්රධාන නළු ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මලය රජුගේ ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන මෙම ඇදුම් කට්ටලය පඩුවස්දෙව් රජුට වැළදුනු දිවි දෝෂය සුවපත් කිරීම සදහා සිදුකරන ලද හැටපස් මංගල්ලයේ දී මලය රජු, ශාන්තිකර්මය සිදු කිරිමේදී තමාගේ හැටහතර ආභරණය පැළදගෙන ශාන්තිකරමය සිදුකළ බව ජනප්රවාදයන් හි සදහන්වේ. රිදියෙන් වැඩ දැමු අලංකාරවත් වූ කැටයම් මගින් අලංකාර වූ වෙස් ඇදුම් කට්ටලය සුර්ය දිව්ය රාජයාගේ ඇදුම් කට්ටලය ලෙසද විශ්වාස කරනු ලබයි. එහෙත් ප්රසිද්ධ හා පිළිගත හැකි මතයක් වන්නේ මලය රජුගේ ඇදුම් කට්ටලය බවයි.
හිස වෙස් බැඳීමේ චාරිත්‍ර....
(වෙස් බඳින නැකතට සතියකට පෙර සියලු මස් මාංශ අනුභවයෙන් වැළකීම හා පන්සිල් පද කැඩෙන්නට නොදී ආරක්ෂා කිරීම)
කෝලම් ගැමි නාටකය Kolam Gemi Natakaya
උඩරට සම්ප්රදායට අයත් ප්රධාන ගැමි නාටකයක් වන සොකරි ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ හාස්ය උප්පාදනය හා සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජය සංශෝධනය කිරීමයි. මෙහි අරමුණු තේමා කොට ගෙන ගොඩනැගුණු කෝලම් නාට්යයෙහි විවිධ චරිත ඇති අතර, ජස ලෙන්චිනා කෝලම හා මුදලි කෝලම තුලින් හාස්යය ඇගයීම හා සමාජයේ දුර්වල ස්ථාන විවේචනයට ලක් කරන අයුරු විමසා බලමු.
බෙර ගැන......
බෙරයේ ඉතිහාසය ගැන කතා කරන විට එය දීර්ඝ අතීතයකට උරුමකම් කියන වාද්ය භාණ්ඩයක් වබ ඓතිහාසික තොරතුරු වලින් හෙළිවේ. ගස් බෙනයක් මතට සත්ව හමක් එලා එය වියලීමෙන් පසු එය (සම) ගස් බෙනයට ඇලී පැවතුණි. එයට තට්ටු කළවිට රැව්දෙන හඩක් ඉන් නිකුත් විය.පසුව එම ජනයා ගස්වල කොට ගදන් ගෙන ඒවා බෙනයක් ආකාරයට කුහරයක් සාදා ගනු ලැබීය. පසුව ගස් බෙනය මතට සම එලූ ආකාරයටම මෙය මතද සම එළනු ලැබීය. ආදීජනයා මේ ආකාරයට බෙරය නිර්මාණය කර ගන්නට ඇතැයි විශ්වාස කරනු ලබයි.
මඟුල් බෙර
1 වන වට්ටම
Popular posts
-
උඩරට සම්ප් රදායට අයත් ප් රධාන ගැමි නාටකයක් වන සොකරි ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටක...
-
උඩරට ප් ර ධාන නළු ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මලය රජුගේ ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන මෙම ඇදුම් කට්ටලය පඩුවස්දෙව් රජ...
-
වේශධාරී රංගනය හෙවත් කෝලම් නැටීම අති පුරාණයේ පටන් පවත්නා කලාවකි. ලීයෙන් පිළිම පෙතිකඩ ආදිය නෙළීම ඇරඹීම නිසා ද සඳ කිඳුරු, මනමේ ආදී ජාතක කථා කෝල...